Divaina - කි‍්‍රකට් සභාපති මොණරවිල කී‍්‍රඩාංගණයේ තත්ත්ව පරීක්‍ෂාවක...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 monarawila777
 
 සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කළ ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තත්ත්වය සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්  පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
 එහිදී මෙහි ඉදිකිරීම් ප‍්‍රමිතිගතව කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා නිලධාරීන්ට සහ අදාළ කොන්ත‍්‍රාත් සමාගමට උපදෙස් ලබා දෙන දුන්නේය. එ් අනුව ක‍්‍රීඩාංගණයේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 40 ක වියදමින් ක‍්‍රීඩාංගණය හා තණ තීරුව, දෙපස කාණු, හා ජල ටැංකි ඉදිකිරීමට නියමිතය. මේ වර්ෂයේ අපේ‍්‍රල් මාසය වන විට පළමු අදියරේ වැඩ අවසන් කර ක‍්‍රීඩා තරග පැවැත්වීම සඳහා ලබා දීමට නියමිතය. එහි දෙවන අදියර සඳහා පේ‍්‍රක්ෂකාගාර, පුහුණු ක‍්‍රීඩාංගණ, පුහුණු පාසලක් ඉදි කිරීමට නියමිත අතර මේ සඳහා රුපියල් මිලියන 350 ක් වැය කිරීමට නියමිතය. මෙම සියලූ ඉදිකිරීම් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් ලබා දී තිබේ.
 
 මෙම අවස්ථාට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටු සංවර්ධන සභාපති කමල් ධර්මසිරි, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජාතික කාන්තා ක‍්‍රිකට් සංවර්ධන සහ මෙහෙයුම් උපදේශක මනෝජ් කාරියප්පෙරුම, රත්නපුර ක‍්‍රිකට් සංගමයේ සභාපති ගිහාන් වීරසිංහ, ලේකම් එරංග ප‍්‍රසාද් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles