බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් පසුගියදා පත් කෙරුණු ශි‍්‍ර ලංකා හිටපු ආරම්භක පන්දු යවන කී‍්‍රඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. එ් අනුව සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් චමින්ද වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.
මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඬේවිඞ් සේකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය 20 වැනිදා එම ධුරයට චමින්ද වාස් මහතා පත් කෙරණු අතර තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව චමින්ද වාස් මහතා ඊයේ (22 වැනිදා) දන්වා තිබිණි. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා අද (23 වැනිදා) පිටත්ව යෑමට නියමිත තිබියදී ඊට පැය කිහිපයකට පෙර මෙම ඉල්ලා අස්වීම පිළිබඳ චමින්ද වාස් වෙත බොහෝ පාර්ශ්ව වෙතින් මේ වන විට දෝශාරෝපණ එල්ල වී තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සඳහන් කරන පරිදි ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව තිබියදී සහ ලොවපුරා රටවල් මේ වන විට මුහුණදී ඇති ආර්ථික ගැටළු සහගත වාතාවරණයක් තුළ කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් වාස් සිය ධුරයෙන් ඉවත්වීම වගකීම් විරහිත කි්රයාවක් බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22 වැනිදා) කියා සිටියේය. එ් අනුව මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වේග පන්දු පුහුණුකාර ධුරයෙන් චමින්ද වාස් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.
කෙසේ වෙතත් කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු නොමැතිව කී‍්‍රඩා කිරීමට මේ වන විට නියමිතව තිබේ.
කසුන් රණවීර