Divaina - ශී‍්‍ර ලංකා සංචිතයේ තවත් අයකුට කොරෝනා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 23 2බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී තිබේ. විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා කොදෙව් දේශය බලා පිටත්ව යෑමට පෙර ශී‍්‍ර ලංකා සංචිතය වෙනුවෙන් පෙරේදා (21 වැනිදා) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

කොදෙව් සංචාරයේදී පළමුවෙන් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ 20 දෙනකුගෙන් යුත් සංචිතයක් අද (23 වැනිදා) කොදෙව් ¥පත් බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. එ් අනුව ළහිරු කුමාර වෙනුවට අද දිනයේදී විශ්ව ප‍්‍රනාන්දු හෝ සුරංග ලක්මාල් සංචිතයට එක් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් සංචිතයේ සිටි කී‍්‍රඩකයෙකුට කොරෝනා ආසාදිත වීම කොදෙව් සංචාරයට බාධාවක් නොවන බවත් ළහිරු කුමාර සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ අදාළ ප‍්‍රතිකාර වෙත යොමුකර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සඳහන් කර සිටී.

මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ළහිරු තිරිමාන්නටද කොරෝනා ආසාදනය වූ අතර එ් හේතුවෙන් කොදෙව් සංචාරය කල් දැමීමට සිදු විය. එ් අනුව කොරෝනා ආසාදනය වූ ශී‍්‍ර ලංකා දෙවැනි කී‍්‍රඩකයා ළහිරු කුමාර වන අතර ළහිරු තිරිමාන්න මේ වනවිට ඉන් සුවය ලබා ඇතැයි වාර්තා වේ.

කසුන් රණවීර

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles