Divaina - ඩෙවෝන්ගේ 99න් නවසීලන්තයට ජය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 23 1නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ඊයේ (22දා) ක‍්‍රයස්චර්ච් හිදී ආරම්භ විය. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුණු 53කින් ජය ගැනීමට නවසීලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
 පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් විය. එහිදී පිළිිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඔස්ටේ‍්‍ර‍්‍රලියානුවන් සියලූ දෙනා පන්දුවාර 17.3කදී මුළු ලකුණු 131කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
 
 නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ ඩෙවෝන් කොන්වේ පන්දු 59කදී නොදැවී ලකුණු 99ක් වාර්තා කිරීමට සමත් විය. සිය 7 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට කී‍්‍රඩා කරන ඩෙවෝන් ඉනිම් 5කදී අර්ධ ශතක 3ක් වාර්තා කර තිබේ. ඩෙවෝන්ගේ ඉනිමට ඊයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 10ක් ඇතුළත් විය.
 
 ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මිචෙල් මාස් පන්දු 33කදී ලකුණු 45ක් රැුස් කළේය. පන්දු යැවීමේදී ඉෂ් සෝදි ලකුණු 28කට ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමූ අතර ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 22කට කඩුලූ 2ක් බිඳ දැමීය. ටිම් සවුති ලකුණු 10කට කඩුලූ 2ක් බිඳ දැමීය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles