ලබන පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකට හිමි වීමට නියමිතව ඇතැයි ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.
මෙතෙක් කලක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වය දැරූ ලසිත් මාලිංග සංචිතයෙන් ඉවත්කොට ඇති අතර ඔහුගේ
නායකත්වය දසුන් ශානකට පැවරීමට තීරණය කර ඇති බවට මේ වනවිටත් ඉඟි පළවෙමින් තිබේ. ලසිත් මාලිංග වසරකින් කිසිදු පුහුණු සැසියකට හෝ කිසිදු තරගයකට සහභාගි වී නොමැති අතර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙකු ලෙස සිටි මාලිංගව එම කණ්ඩායමෙන්ද මේ වන විට ඉවත් කර තිබේ.
හිටපු විස්සයි විස්ස නායකයා සිය ධුරයෙන් සහ සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කණ්ඩයාමේ තේරීම් කමිටුවේ සභාපති අසන්ත මෙල්ගෙන් ‘දිවයින’ කළ විමසුකදී ‘මාලිංග කී‍්‍රඩා කරනවා අපි කාලෙකින් දකලා නැහැ. ඔහු පුහුණුවීම් කරලා නැහැ. ඔහු සමුගන්නවා කියලත් අපිට දැන්ම දැනුම් දීලා නැහැ. නමුත් ඔහු පුහුණුවීම් කරලා තිබ්බ නම්, දස්කම් දක්වලා තිබුණා නම් කොදෙව් සංචාරයට ඔහු යෙදා ගන්න තිබුණා. නමුත් එ් කිසිවක් කරලා නැති නිසා කොදෙව් සංචාරයට ඇතුළත් කිරීමට බැහැ’ යනුවෙන් පැවසීය.
මාලිංගගෙන් හිස්වුණු විස්සයි විස්සේ ඔටුන්න දසුන්ට ලබාදෙනවාදැයි වැඩිදුරටත් විමසන ලදුව කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා පවසා සිටියේ ‘කණ්ඩායමේ නයකත්වය දසුන්ට දෙනවාද නැද්ද කියන එක ගැන අපි තවම හරියටම තීරණය කරලා නැහැ. එ් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා. දැන් කණ්ඩායමට පොඩි විවේකයක් ලැබී තියෙනවා. එ් විවේකයෙන් පසුව ඉදිරි තරග පිළිබඳ අපි සැළසුම් කරනවා’ යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
දසුන් ශානක විස්සයි විස්ස තරග සඳහා නම්දරා ඇති ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතරින් ඉහළින්ම සිටින කී‍්‍රඩකයෙක් වේ. ඔහු 2019 වසරේ අගභාගයේදී පාකිස්තානය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් තරගාවලිය 3-0කින් ජය ගැනීමට සමත් විය. එවකට පාකිස්තාන කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හී අංක එකේ සිටියදී ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්වීම මත දසුන් ශානකගේ
නායකත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයට ලක්විය.
මීට පෙර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරාගේ
නමද කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් යෝජනාවී තිබුණද ඔහුගේ නායකත්වය පිළිබඳ බොහෝ දෙනකුගේ අප්‍රසාදය පළවෙමින් තිබෙන බවට කේෂ්ත්‍රයේ කතාබහට ලක්වී තිබේ. එ් අනුව එළැඹෙන කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වීමේ වැඩි අවස්ථාවක් මේ වන විටත් නිර්මාණය වී තිබේ.
(අවි*