Divaina - පිතිකරුවෝ ‘ෆේල්’ වෙද්දී ශී‍්‍ර ලංකාවට හතර වරක් වරදී

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 3ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ගාල්ලේදී කි‍්‍රයාත්මක වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව කඩුලූ 6ක ජයක් වාර්තා කිරීමට ඊයේ (25 වැනිදා) සමත් වූ සංචාරක එංගලන්තය දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0කින් ජය ගැනීමට සමත් විය. එ් අනුව නිමාවට පත්වු දකුණු අපි‍්‍රකානු සංචාරයද ඇතුළුව පිට පිටම ලද සිව්වැනි ටෙස්ට් .තරග පරාජය අත්විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය.
 
 පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාසයට හාත්පසින්ම වෙනස් ආකාරයකින් වගකීම් විරහිත පිතිප‍්‍රහාරයක් දියත් කළ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ ඊයේ සිය දෙවැනි ඉනිමේදී ලකුණු 126කට සියලූ දෙනා දැවී ගියහ. එහිදී ශී‍්‍ර ලංකා ඉනිම පන්දුවාර 35.5කට පමණක් සීමා වෙද්දී ශී‍්‍ර ලංකා පිතිකරුවන් හය දෙනකුම ලකුණු 10 සීමාවට අඩුවෙන් දැවී ගියේය. පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබූ ඕෂධ ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ ලකුණු 3කට දැවී ගියේය. නායකත්වයේ වගකීම අමතක කළ දිනේෂ් චන්දිමාල් සිය කඩුල්ල එංගලන්තයට පූජා කරද්දී පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ මැතිව්ස්ටද ඊයේ සිය කාර්යභාරය අමතක වී ගියේය.
 
 කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 8ක් මුළු ලකුණු 78කට දැවී ගොස් තිබියදී රමේෂ් මෙන්ඩිස් සමගින් ලකුණු 48ක සම්බන්ධතාවක් දියත් කළ ලසිත් ඇඹුල්දෙණිය පන්දු 42කදී ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් විය. හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල වූ එම ඉනිම ශ‍්‍රී ලංකාවට යම් සහනයක් ගෙන ආවද එංගලන්ත නායකයාගේ පන්දුවක් හමුවේ එම ඉනිම නිමාවීම මත ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහි බලාපොරොත්තුව දුරස් වී ගියේය. එ් අනුව පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකාවට හිමි වූ ලකුණු 37ක වාසියත් සමගින් එංගලන්තයට ලකුණු 164ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලබා දීමට ශී‍්‍ර ලංකාවට හැකි වුවද එය සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හට ඊයේ නොහැකි විය. එංගලන්ත පළමු කඩුලූ 4 මුළු ලකුණු 89දී බිඳ වැටුණද එතැන් පටන් එංගලන්ත ඉනිමට නැංගුරම් දැමූ ජෝස් බට්ලර් සහ ඩොම් සිබ්ලි සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත කැඳවාගෙන ගියේය.
 
 පළමු ඉනිමේදී එංගලන්ත කඩුලූ 7ක් බිඳ දැමූ ලසිත් ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී ප‍්‍රතිවාදී කඩුලූ 3ක් බිඳ දැමීමට සමත් විය. එ් අනුව ඇඹුල්දෙණියගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කිරීමට මෙම තරගයේදී සමත් විය. එංගලන්තය 2000 වසරෙන් පසුව රටෙන් පිට කී‍්‍රඩා කළ සියලූ ටෙස්ට් තරගවලදී පළමු ඉනිම පරාජයට පත් වූ අවස්ථාවලදී එම තරගයද පරාජයට පත්ව තිබිණි. එ් අනුව ඔවුන් පළමු ඉනිම පරාජයට පත්ව රටෙන් පිටතදී තරගයක් ජය ගැනීමට සමත්වූයේ වසර 20කට පසුවය. මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ලේදී පිට පිටම ටෙස්ට් තරග දෙකක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය සටහන් වෙද්දී පළමු ඉනිමේදී ලකුණු 300 සීමාව පසුකර ලකුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගාල්ලේදී ටෙස්ට් තරගයක් ශී‍්‍ර ලංකාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසින් සටහන් වේ.
 
 කෙසේ වෙතත් ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ශී‍්‍ර ලංකාව මේ දක්වා සහභාගි වූ තරග 8කින් ජය ගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි. එ් අනුව අදාළ තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම ජය ගත්තද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට දුරස්ව ගොස් තිබේ.

 

p16 2
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles