Divaina - කොදෙව් සටනට යන ශී‍්‍ර ලංකා සංචිතයට 35 දෙනෙක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලබන පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එ් අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශී‍්‍ර ලංකා සංචිතයට කී‍්‍රඩකයින් 35ක් ඇතුළත් වේ.
 
 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින් කී‍්‍රඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක්
 
 පසුගියදා පැවැති අතර එහිදී කී‍්‍රඩකයන් 8 දෙනකු අදාළ පරීක්ෂණයෙන් අසමත් වී තිබේ. එ් අනුව එම අසමත් වූ කී‍්‍රඩකයන් හට නැවතත් ලබන පෙබරවාරි මස මුල් සතියේදී තවත් යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති අතර එහිදී ද අසමත් වන කී‍්‍රඩකයන්ට අදාළ සංචාරය අහිමි වේ.
 
 ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම කොදෙව් ¥පත් බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතය පිටත්ව යනු ඇත.
 
 දැනට නම් කර ඇති ශී‍්‍ර ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනොද් බනුක, පැතුම් නිශ්ශංක, රොෂෙන් සිල්වා, අවිශ්ක ප‍්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කමිඳු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, භානුක රාජපක්ෂ, සන්තුෂ් ගුණතිලක, දසුන් ශානක, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, අසිත ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, ඉසුරු උදාන, දිල්ෂාන් මධුශංක, කුසල් මෙන්ඩිස්

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles