2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ 12න් පහළ අවසන් මහා තරග ඊයේ (25 වැනිදා) පැවැත්විණි. එ් අනුව එහිදී බාලක ශූරතාව දිනා ගැනීමට ගනුක ප්‍රනාන්දු සමත් වූ අතර එහි බාලිකා ශූරතාව දිනා ගැනීමට දිනාරා ද සිල්වා සමත් වූවාය.
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය මගින් පවත්වනු ලබන ජාතික ටෙනිස් ශූරතාවලියේ 12න් පහළ බාලක අවසන් මහා තරගය මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගනුක ප්‍රනාන්දු සහ අබ්දුල් කාඩර් අතර පැවැත්විය. එහිදී අබ්දුල් කාඩර් පරාජය කරමින් 6-4ක් සහ 6-1ක් ලෙස ජය වාර්තා කරමින් ශූරතාව දිනා ගැනීමට ගනුක ප්‍රනාන්දු සමත් විය.
බාලිකා අවසන් මහා තරගය කොළඹ බි්රජට් කන්‍යාරාමයේ දිනාරා ද සිල්වා සහ දුල්කිනී රණසිංහ අතර පැවැත්විණි. එහිදී දුල්කිනී රණසිංහ 6-3ක් සහ 6-1ක් ලෙස පරාජයට පත් කරමින් 12 පහළ බාලිකා ජාතික ශූරතාව දිනා ගැනීමට දිනාර ද සිල්වා සමත් වූවාය.
ඡායාරූප - කමල් වන්නිආරච්චි
- Hits: 191