Divaina - රූට්ගේ ජවයෙන් එංගලන්තය සැනසෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 25 2ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් දිනය පුරාම වෙහෙසට පත් කිරීමට සමත් වූ ජෝ රූට් ප‍්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ දෙරට අතර කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24 වැනිදා* දිනය නිමාවන විටදී පළමු ඉනිමට කඩුලූ 9ක් දැවී ලකුණු 339ක් ලබා සිටියේය. එ් අනුව ඔවුන් ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 42ක් පිටුපසින් පසුවේ.
 
 සිය 99 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන එංගලන්ත නායක ජෝ රූට් තමාගේ ටෙස්ට් දිවියේ 19 වැනි ශතකයට හිමිකම් කීමට ඊයේ සමත් විය. තරගයේ දෙවනි දිනය වූ පෙරේදා (23දා* එංගලන්ත ඉනිමේ ලකුණු 5කට කඩුලූ 2ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි එංගලන්ත නායකයා ඊයේ දිනය පුරාම පන්දුවට පහර දෙමින් දිනය නිමා කිරීමට තවත් පන්දුවාර 4ක් පමණ ඉතිරිව තිබියදී දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට ඕෂධ ප‍්‍රනාන්දු සමත් විය. එ් අනුව දැවී යන විටදී පන්දු 309කට මුහුණ දී තිබූ රූට් ලකුණු 186ක් ලබා ගැනීමට සමත් වී තිබිණි. එ් අතරවාරයේ හතරේ පහර 18කින් ඉනිම ශක්තිමත් කිරීමටද ඔහු වග බලාගෙන තිබිණි. දෙරට අතර පළමු තරගයේදී ද්විතව ශතකයක් වාර්තා කළ රූට්ට ඊයේ දිනයේදී තමාගේ ඉනිමට තවත් ලකුණු 14ක් එක්කර ගැනීමට හැකි වුණිනම් සිය පස් වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමේ අවස්ථාව මෙන්ම පිට පිට තරග දෙකකදී ද්විත්ව ශතක වාර්තා කළ පිතිකරු ලැයිස්තුවටද ඇතුළුවන්නට හැකියාව තිබිණි.
 
 එංගලන්ත ඉනිමේ හරි අඩකටත් වඩා වැඩි ලකුණු ප‍්‍රමාණයක් එංගලන්ත නායකයාගේ පිත්තෙන් වාර්තා වෙද්දී ඊට සහය දැක්වූ ජෝස් බට්ලර් ලකුණු 55කින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය. පස්වැනි කඩුල්ලට පිටියට පිවිසි බට්ලර් පන්දු 95කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින් සිය 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන රමේෂ් මෙන්ඩිස්ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් දැවී යද්දී ජෝ රූට් සමගින් ලකුණු 97ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වී සිටියේය.
 
 එංගලන්ත ඉනිම කඩා බිඳ දැමීමට සම්පූර්ණ දායකත්වය සැපයූ ලසිත් ඇඹුල්දෙණිය සිය ටෙස්ට් දිවියේ මේ දක්වා හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් එංගලන්ත පළමු ඉනිමේ කඩුලූ 7ක් බිඳ දැමීමට සමත් විය. එංගලන්තයට එරෙහිව කි‍්‍රයාත්මක වූ පන්දුවාර 114න් පන්දුවාර 41කම හිමිකරුවා බවට පත්වූ ඇඹුල්දෙණිය එහිදී ලකුණු 132ක් පමණක් ප‍්‍රතිවාදීන්ට ලබා දීමට වගබලා ගත්තේය. දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය ගාල්ල තණ තීරුවේ ඊයේ පන්දුවාර 31ක් කි‍්‍රයාත්මක කළ දිල්රුවන් පෙරේරාට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාව නොලැබුණු අතර එ් අතරවාරයේ ඔහුට එරෙහිව ලකුණු 86ක් පමණක් එංගලන්තය  සොරාගෙන තිබිණි. p12 25 1
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles