ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ බාලිකා 16න් පහළ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හසලි ගජබා සහ රුවී ලෙව්කේ බණ්ඩාර සමත් වූවාය. එ් අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් විශ්මි සේරසිංහ සහ දෙනෙත්්යා ධර්මරත්න පරාජයට පත් කරමිනි.
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන අදාළ තරගාවලියේදී 16න් පහළ බාලිකා අවසන් මහා තරග වරම් හිමිවෙන අවසන් පූර්ව වටයේදී හසලි ගජබා විසින් තරග වට 7-5ක් සහ 6-4ක් වශයෙන් විශ්මි සේරසිංහ පරාජයට පත් කිරීමට සමත් වූවාය. රුවී ලෙව්කේ බණ්ඩාර සහ දෙනෙත්්යා ධර්මරත්න අතර පැවැති තරගයේදී පළමු වටය 6-4ක් ලෙසින් ජය ගැනීමට දෙනෙත්්යා සමත් වූ අතර දෙවැනි වටය 6-1ක් ලෙස පහසු ජයක් හිමි කර ගැනීමට රුවී සමත් වූවාය. තීරණාත්මක අවසන් වටයේදී දෙදෙනා අතර ජයග්‍රහණය වෙනුවෙන් පැවැති තියුණු තරගයකින් අනතුරව 10-8ක් ලෙස ජය හිමිකර ගැනීමට රුවී සමත්වූවාය. මේ අතර ජාතික ටෙනිස් ශූරතාවලියේ වයස 45ට වැඩි පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට අර්ජුන් ප්‍රනාන්දු සහ චම්මික ද සිල්වා සමත්විය. එහිදී අවසන් මහා තරගයේදී තරග වට 6-2ක් සහ 6-1ක් ලෙසින් පි‍්‍රයංකර විතානගේ සහ කේ. සුදර්ශන් පරාජයට පත් විය.
ඡායාරූප - කමල් වන්නිආරච්චි
- Hits: 229