Divaina - ශී‍්‍ර ලංකා ඉනිම පණ ලබයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mat333

 

ඇන්ජලෝ මැතිව්ස්ගේ නොදැවුණු ශතක ඉනිමෙන් සවිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිමට ඊයේ (22 වැනිදා* කඩුලූ 4ක් දැවී ලකුණු 229ක් ලබා සිටියේය.
 
 දිනයේ කැපී පෙනුණ පිතිකරුවා බවට ඊයේ පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පළමු දින තරගය නතර කරන විටදී පන්දු 228කට මුහුණ දී නොදැවී කඩුල්ලේ රැුඳෙමින් ලකුණු 107ක් ලබා සිටියේය. සිය ඉනිම හතරේ පහර 11කින් වර්ණවත් කර ගැනීමට මැතිව්ස් සමත් වෙද්දී ඔහුගේ ඉනිමට අනෙක් පසින් සහය දැක්වූ දිනේෂ් චන්දිමාල් පන්දු 121කට මුහුණ දී ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වී සිටියේය. එම ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් වෙද්දී ශී‍්‍ර ලංකා ඉනිමේ ඊයේ වාර්තාවූ පළමු සහ එකම හයේ පහරේ හිමිකරුවා බවට පත්වන්නටද චන්දිමාල් සමත් වූවේය. මාක් වූඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව චන්දිමාල් දැවී යද්දී මැතිව්ස් සමග එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 117ක් එක් කර තිබිණි.
 
 ඊයේ මැතිව්ස් වාර්තා කළ ශතකය සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය ලෙසින් සටහන් වෙද්දී එය වසර 5කට පසු මැතිව්ස් විසින් මෙරටදී වාර්තා කළ පළමු ශතකය බවට පත්විය. සිය 88 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන මැතිව්ස් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ කී‍්‍රඩා කරන 20 වැනි ටෙස්ට් තරගය ලෙසින් මෙම තරගය සටහන් වේ.
 
 ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර පිටියේදී දෙරට අතර ආරම්භ වූ අදාළ තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්නට ශ‍්‍රී‍්‍ර ලංකා ඉනිම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දීමට ඉඩ ලබා නොදුන් ජේම්ස් ඇන්ඩර්සන් සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 601 වැනි කඩුල්ල ලෙසින් සහ ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දවා ගැනීමට සමත් විය. ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ එල්ල කළ පහර එංගලන්ත නායක ජෝ රූට් උඩ පන්දුවක් ලෙසට පරිවර්තනය කරගනිමින් කුසල් පෙරේරා දැවී යන විටදී ඔහු එක් හතරේ පහරක් සමගින් පන්දු 14කට මුහුණ දී ලකුණු 6ක් පමණක් ලබා සිටියේය.
 
sboad ටෙස්ට් ඉනිම් 6කදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් වෙනුවට එම ස්ථානයට ඊයේ ඕෂධ ප‍්‍රනාන්දු කැඳවා තිබූ අතර කුසල් පෙරේරා දවා ගත් පන්දුවාරයේම සිව්වැනි පන්දුවේදී ඕෂධ ප‍්‍රනාන්දුව දවා ගැනීමට ඇන්ඩර්සන් සමත් විය. පිට ඉන්නෙන් ඉවත ඇදී යන පන්දුවකට ඕෂධගේ පිත්තේ දැවටී ආ පන්දුව කඩුල්ලේ වැදීමෙන් ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු නොලබා ශී‍්‍ර ලංකා දෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී ශී‍්‍ර ලංකා ඉනිම කඩුලූ 2කට මුළු ලකුණු 7ක් ලෙසින් සටහන් විය.
 
 සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න සෙමින් ශී‍්‍ර ලංකා ඉනිම ගොඩනගමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩනැගීය. පළමු තරගයේ පළමු ඉනිමේදී සිදු වූ වරද දෙවැනි තරගයේදී සිදු නොවීමට වග බලා ගත් තිරිමාන්න සහ මැතිව්ස් කඩුලූ රැුක ගනිමින් සංයමයකින් යුතුව පන්දුවට පහරදෙනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් දිවා භෝජනයෙන් අනතුරුව නැවතත් කි‍්‍රයාත්මක වූ අන්ඩර්සන් අර්ධ ශතකයට ලකුණු 7ක් පිටුපසින් සිටි තිරිමාන්නගේ කඩුල්ල දවා ගැනීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටුණි. තිරිමාන්න දැවී යන විටදී පන්දු 95කට මුහුණ දී හතරේ පහර 5ක් සමගින් ලකුණු 43ක් ලබා සිටියේය.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles