Divaina - ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re12 3ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කළ 2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට යසිත ද සිල්වා සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට අනීකා සෙනෙවිරත්න සමත්වූවාය. තරගාවලිය ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.
 
 තරගාවලියේ අවසන් මහා තරග පෙරේදා (17 වැනිදා) පැවැති අතර එහිදී පිරිමි කේවල අවසන් තරගයේදී යසිත ද සිල්වා සහ ෂාමල් දිසානායක තරග වැදිණි. එ් අනුව අවසන් තරගයේදී පළමු වටය 7-6ක් ලෙස ජය ගැනීමට ෂාමල් දිසානායක සමත් වීද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ෂාමල්ට සිදු විය. එ් අනුව අවසන් මහා තරගයේ ජයග‍්‍රහණය යසිත ද සිල්වාට හිමිවිය. අදාළ ආබාධිත තත්ත්වය හේතුවෙන් 2016 වසරේ සිට මේ දක්වා පිට පිටම සිව්වරක් ජාතික ශූරතාව දිනා ගත් ෂාමල්ට මෙවර ශූරතාව අහිමි වෙද්දී පළමු වරට ටෙනිස් ජාතික ශූරතාව දිනා ගැනීමට යසිත ද සිල්වාට හැකියාව ලැබිණි.
 
 කාන්තා කේවල ශූරතාව වෙනුවෙන් අවසන් මහා තරගයේදී ජනලි මනම්පේරි සහ අනීකා සෙනෙවිරත්න තරග වැදුණු අතර එහිදී තරග වට 2-0ක් (6/0, 6/4* ලෙසින් ජය හිමිකර ගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. එ් අනුව අනීකා සෙනෙවිරත්න ජාතික ශූරතාව දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2018 වසරේදීද ටෙනිස් ජාතික ශූරතාවට හිමිකම් කීමට අනීකා සමත් වූවාය.
 
 ඡුායාරූප - කමල් වන්නිආරච්චි

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles