ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් 2023 වසර දක්වා, සිය අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඩයලොග්
සමාගම පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් ද්විත්වයේම උන්නතිය වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන සෑම ආකෘතියක් යටතේම සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ඇත.
ඩයලොග් ආසිආටා සමාගම 2020 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 9 වෙනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ ලෙස අභිෂේක ලැබූ අතර, ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘වසරේ ජනප්‍රියතම තාරුණ්‍යයේ සේවා සන්නාමය’ යන සම්මානද
දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්?න්ඞ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබූ අතර අඛණ්ඩව 13 වන වරටත් වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය යන සම්මානය ද ලබාගන්නටත් ඩයලොග් සමාගම සමත් විය. ඩයලොග්
සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට්
සවිබලගැන්වීමේ දැවැන්ත කාර්යභාරයට 2013 වසරේ ජුනි මස 1 වැනිදා එක්වූ අතර, 2023 වසරේ සැප්තැම්බර් මස දක්වා එම අනුග්‍රාහකත්වය දීර්ඝ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමෙහි දශකය සම්පූර්ණවීමට නියමිතය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග්
ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ”ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් දශකයක කාලයක් පුරා අපගේ
දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අප ඉතා ආඩම්බරයට පත්වනවා. මිලියන 15ක් ඉක්මවූ අපගේ ගනුදෙනුකරුවන්ට හා සෙසු ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම හා ජාත්‍යන්තර පිටිය තුළ අඛණ්ඩ විශිෂ්ටත්වය හඹායෑමේ ප්රයත්නයට එක්වීමට ලැබීම සුවිශේෂී වරප්‍රසාදයක්.” යනුවෙන් පවසා සිටියේය.
ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.
- Hits: 242