Divaina - එංගලන්තය පහසුවෙන්ම දිනයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

re12 2තරගයේ පස්වැනි දිනයේදී ජයග‍්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුව තිබූ ලකුණු 36ක ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත් වූ එංගලන්ත කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකාව සමගින් ගාල්ලේදී කි‍්‍රයාත්මක වූ පළමු ටෙස්ට් තරගය කඩුලූ 7කින් ජය ගැනීමට ඊයේ (18 වැනිදා* සමත් විය. එ් අනුව ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සංචාරක එංගලන්තය සමත් විය.
 
 ජයග‍්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී හිමි වූ ලකුණු 74ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත පිලේ පළමු කඩුලූ 3 මුළු ලකුණු 14දී බිඳ දැමීමට තරගයේ සිව්වැනි දිනය වූ පෙරේදා (17 වැනිදා* ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් සිව්වැනි කඩුල්ලට පිටියට එක් වූ ජොනී බෙයාස්ටෝ සහ ඩැන් ලෝරන්ස් සිව්වැනි දිනය අවසන් වනතෙක් කඩුලූ රැුක ගනිමින් පිටියේ රැුඳී සිටීමට සමත් විය.
 
 පස්වැනි දින උදෑසන දක්වා ඇදී ගිය මෙම තරගයේදී ඊයේ ජයග‍්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබූ ලකුණු 36 පන්දුවාර 9 කුත් පන්දු 2 ක් පමණක් වැය කරමින් රැුස් කර ගැනීමට බෙයාර්ස්ටෝ සහ ලෝරන්ස් වග බලා ගනිද්දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ජොනී බෙයාස්ටෝ සහ ඩැන් ලෝරනස් සමත් වී තිබිණි. බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 35 ක් සහ ලෝරන්ස් නොදැවී ලකුණු 21 ක් ලබා ගැනීමට සමත් විය.
 
 සිව්වැනි දිනයේ සිට පැවැති මෙම සම්බන්ධතාවය අතරතුරදී එංගලන්ත පිල අසීරුවේ දැමීමට අවස්ථාව ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු වූ නමුත්, එය තෙවැනි විනිසුරුගෙන් විමසීම සඳහා කටයුතු නොකිරීම මත ඩැන් ලෝරන්ස්ව දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. ඩිල්රුවන් පෙරේරා විසින් යවන ලද පන්දුව ලෝරන්ස්ගේ පා ආවරණයේ වදින විට ඔහු ලකුණු 09 ක් ලබා සිටියේය. ඊට අමතරව සිව්වැනි ආරම්භයේදීම බෙයාර්ස්ටෝව දුවද්දී දවා ගැනීමේ ආසන්න අවස්ථාවකට පැමිණියද ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් එම අවස්ථාවද ගිලිහී ගියේය. එම දුවද්දී දවා ගැනීම ලබා ගැනීමට සමත්වූයේ නම් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 14 ට කඩුලූ 4 ක් ලෙසින් සනිටුහන් වනු ඇත.
 
 අදාළ තරග ජයග‍්‍රහණය එංගලන්ත කණ්ඩායම විදේශයන්හි තරග කිරීමේදී පිට පිටම ලද සිව්වැනි ජයග‍්‍රහණය ලෙසින් සටහන් වන අතර මෙම තරගයට පෙර එංගලන්ත පිල නවසීලන්තයට එරෙහිව එක් තරගයක් සහ දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරග 2 ක් වශයෙන් ජයගැනීමට සමත්ව තිබේ. 1955-57 කාල සීමාවෙන් පසු එංගලන්ත කණ්ඩායම එවැනි ජයග‍්‍රහණයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම ජයග‍්‍රහණ 4 වාර්තා වේ.
 
 දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනි සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

re12 4
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles