Divaina - එංගලන්තය ජයග‍්‍රාහි සාදයකට සැරසෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12eng1 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට්  ක‍්‍රීඩාංගණයේදී සත්කාරකයන්ට එරෙහිව දෙවැනි ටෙස්ට් ජයග‍්‍රහණය උදුරා ගැනීම වෙනුවෙන් ලකුණු 74 ක පහසු ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම තරගයේ සිව්වැනි දිනට (17 දා) නවතා දමන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 03 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය.
 
 එංගලන්ත කණ්ඩායම 2018 වසරේදී ගාල්ල ක‍්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් ජය උදුරා ගත්තේය. ඔවුන් මෙම තරගයට පෙර ගාලූ ක‍්‍රීඩාංගණයේදී තරග කළ තරග පහකදී දෙවරක් පරාජය වී තිබුණි. ඊයේ දිනයේදී ජයග‍්‍රහණය වෙනුවෙන් පහසු අභියෝගයක් කරමත තබා සිටි එංගලන්ත පිතිකරුවන්ගේ පළමු කඩුලූ දෙකම මුළු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. අනතුරුව නායක ජෝ රූට් දුවද්දී දවා ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් විය.
 
 තරගයේ අවසන් දිනය වන අද එංගලන්ත පිතිකරුවන් ජයග‍්‍රහණය වෙනුවෙන් කඩුලූ හතක් අතැතිව ලකුණු 36 ක් ලබා ගත යුතුව ඇත. ගාලූ තණතීරුව පස්වැනි දිනදී තදින් දඟ කැවෙන බව ඉතිහාසය සාක්කි දැරුවද මෙවර එංගලන්ත පිලට ලබාගත හැකි ඉලක්කය පහසුවීමෙන් ශ‍්‍රී ලංකාව මේ වන විටත් පරාජයේ මාවතට සෙන්දුවී සිටියි.
 
 පළමු ඉනිම දියාරු කර ගත් ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 186 ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට එංගලන්ත ක‍්‍රීඩකයෝ සමත් වූහ. එම අභියෝගය හමුවේ පරාජයෙන් බේරීමටනම් ශ‍්‍රී ලංකා පිතිකරුවන් දින දෙකක් පිතිකරණයේ යෙදීම හෝ ලකුණු 450 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේදී ලබාගත යුතුව තිබුණි. ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වු කුසල් පෙරේරා (62) සහ ළහිරු තිරිමාන්න (111) පළමු කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවක් පන්දුවාර 37.4 ක් වැය කරමින් පැවැත් වුවද තවත් කුසල් මෙන්ඩිස් (15), දිනේෂ් චන්දිමාල් (20), නිරෝෂන් දික්වැල්ල (29), දසුන් ශානක (4) සහ වනිදු හසරංග (12) බලාපොරොත්තු වු පිති ප‍්‍රහාරයන් දියත් නොකිරීමෙන් ශ‍්‍රී ලංකා සටන අඩපණ විය.
 
 හත් වසරකට පසුව ටෙස්ට් ශතකයක පහස ලැබු ළහිරු තිරිමාන්න පන්දු 251 කදී හතරේ පහර 12 ක් එල්ල කරමින් එංගලන්ත ජයග‍්‍රහණ පමා කිරීමට සමත් විය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 210 ක්ව තිබියදී සිව්වැනි කඩුල්ල වශයෙන් පිටියෙන් ඉවත් විය.
 
 ළහිරු තිරිමාන්නගේ ශතකය අහිමි කිරීමට අවස්ථා හතරක් පමණ ලැබුණද එංගලන්ත පන්දු රකින්නන් අතරින් එම අවස්ථා ගිලිහී ගියේය. තිරිමාන්න ලකුණු 51 ක් ලබා සිටියදී සෑම් කරන්ගේ පන්දුවකට දුන් උඩ පන්දුවක් ගලිහී සිටි සිබ්ලි විසින් බිම දැමුවේය. අනතුරුව ඊයේ දිනයේදීත් ඔහු ෆෝව්ඞ් ෂෝඞ් ලෙග් සහ ස්ලිප් ක‍්‍රීඩකයන්ට ලබාදුන් උඩපන්දු බිම වැටීමෙන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.
 
 31 හැවිරිදි ළහිරු තිරිමාන්න 2011 වසරේදී ටෙස්ට් වරම් ලැබුවද ඔහු මෙම තරගයට පෙර ක‍්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 36 කදී ඉනිම 70 ක් තුළ ලබා ඇත්තේ මුළු ලකුණු 1452 ක් පමණි. ශතයක් සහ අර්ධ ශතක 6 ක් එම ඉනිම සංඛ්‍යාවට ඇතුළත් වෙද්දී ඉනිමක සාමාන්‍ය 22.68 ක් වැනි පහළ අගයකට පත්ව තිබුණි. පළමු ටෙස්ට් ශතකය (155 නොදැවී) 2013 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලැබීමෙන් වසර හතකට පසුව යළිත් ශතකයක් ලැබීමට තිරිමාන්න සමත් විය.
 
 ශ‍්‍රී ලංකා ඉනිමට මැද පෙළින් මුක්කු ගැසු ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් සංයමයකින් යුතුව පිති ප‍්‍රහාරයේ යෙදෙමින් සිය 36 වැනි අර්ධ ශතකය ඔහු මුහුණ දුන් 166 වැනි පන්දුවේදී ලබා ගත්තේය. නමුත් තේ පානයෙන් අනතුරුව ලීච්ගේ පන්දුවක් හමුවේ රූට් අතට උඩපන්දුවක් දී මැතිව්ස් පිටියෙන් ඉවත් වන විට පන්දු 219 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 71 ක් ලබා සිටියේය. ඔහු තවත් ලකුණු 19 ක් ඊයේ ලබා ගත්තේ නම් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ මුළු ලකුණු 6000 සීමාව සනිටුහන් කිරීමට අවස්ථාවක් තිබුණි.

p12 3
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles