Divaina - පළමු ඉනිමේදී ඔස්ටේ‍්‍රලියාව ඉදිරියෙන්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12aus1පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු 33ක වාසියත් සමගින් ඊයේ (17 වැනිදා) සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ටේ‍්‍රලියානුවෝ ඉන්දීය කණ්ඩායමත් සමගින් පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විටදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඬේවිඞ් වෝනර් ලකුණු 20 ක් සහ මාක‍්‍රස් හැරිස් එක් ලකුණක් ලබා සිටියේය.
 
 ඊයේ දිනය ආරම්භයේදී සිය පළමු ඉනිම කී‍්‍රඩාකරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 62ක් ලබා සිටියේය. ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ වොෂින්ටන් සුන්දර් සහ ෂාදුල් තාකූර් පිළිවෙලින් ලකුණු 62ක් සහ 67ක් වශයෙන් වාර්තා කළේය.
 
 ඉන්දීය පළමු ඉනිම ලකුණු 336කට සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවනනෝ සමත් වූ අතර ජෝෂ් හෙසල්වුඞ් ලකුණු 57කට ඉන්දීය ඉනිමේ කඩුලූ 5ක් සහ මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලූ 2 බැගින් බිඳ දැමීය.
 
 ලකුණු තත්ත්වය
 
 ඔස්ටේ‍්‍රලියා පළමු ඉනිම 369/10, දෙවැනි ඉනිම 21/0
 
 ඉන්දීය පළමු ඉනිම 336/10
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles