Divaina - නව වසරේ ටෙස්ට් ජය සොයා - ශී‍්‍ර ලංකා-එංගලන්ත පළමු සටන අද

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sport12 2ටෙස්ට් තරග සඳහා ශී‍්‍ර ලංකාවට වාසනාවන්ත කී‍්‍රඩාංගණයක් ලෙසින් සැලකෙන ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩංගණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (14 වැනිදා) ආරම්භ වේ. ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය  ශී‍්‍ර ලංකාවට අතීශය වැදගත්වන අතර කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් අනතුරුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය වේ.
 
 අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශුරතාවලිය යටතේ ශී‍්‍ර ලංකාව මේ වන විට තරග 6ක් කී‍්‍රඩා කර ඇති අතර ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමා වී ඇති අතර එහිදී තරග 4ක් ශී‍්‍ර ලංකාව පරාජයට පත්වී සිටී. එ් අනුව ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශුරතාවලිය ප‍්‍රසාද ලකුණු සටහනේ හත් වැනි ස්ථානයට පත්වන්නට ශී‍්‍ර ලංකාව සමත්වී ඇති අතර ලබාගෙන ඇති ප‍්‍රසාද ලකුණු ගණන 80කි. එංලන්ත කණ්ඩායම එහි සිව්වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් එහිදී තරග 15ක් කී‍්‍රඩා කරමින් ජයග‍්‍රහාණ 8ක් සටහන් කර ගැනීමට සමත් වී තිබේ. තරග 4ක් පරාජයට පත් වෙද්දී තරග 3ක් ජය පරාජයකින් තොරව නිමා කරගනිමින් ප‍්‍රසාද ලකුණු 292ක් හිමි කර ගැනීමට එංගලන්තය සමත්වී සිටී. ටෙස්ට් ශේණිගත කිරීමෙහි 7 වැනි ස්ථානය දක්වා පහත බැස සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉදිරියට යෑමට ඇත්තේ ඉතාම විරළ අවස්ථාවක් වුවද සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වේ.
 
 ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් තරග 34ක් කි‍්‍රයාත්මක වී ඇති අතර එහිදී තරග 8ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වෙද්දී තරග 15ක් පරාජයට පත්වී තිබේ. දෙරට අතර ටෙස්ට් තරග 11ක් ජය පරාජයකින් තොරව නිමාවට පත්වී තිබේ. අවසන් වරට ශ‍්‍රී ලංකාවේදී දෙරට මුණ ගැසුණු අවස්ථාවේදී එංගලන්තපිල හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයට පත්වීමේ වාඩුව ලබා ගැනීමට සහ සතියකට ඉහතදී දකුණු අප‍්‍රිකාව හමුවේ ලද අමිහිරි පරාජයේ මතකය අමතක කර දමමින් යළිත් ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ වීමට නම් මෙම තරගාවලිය ජය ගැනීම ශී‍්‍ර ලංකාවට අනිවාර්යය වේ.
 
 අවසන් වරට එංගලන්තය සමගින් ටෙස්ට් තරගයක් කී‍්‍රඩා කිරීමෙන් මාස 25කට පසුව
 
 ශ‍්‍රී ලංකා පිල සිය මව්බිමේදී තරග වදිනු ලබන තෙවැනි ටෙස්ට් තරගය වන්නේ හෙට ඇරඹෙන ටෙස්ට් තරගය වුවත් එංගලන්තය ඒ අතරතුර කාලයේදී ටෙස්ට් තරග 12 කට සහභාගිවී තිබේ. තරග අත්දැකීම් අතින් එවන් තත්ත්වයක පසු වද්දී ශ‍්‍රී ලංකාවට ඇති සුභදායකම මතකය වන්නේ අවසන් වරට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී සහභාගි වුණු ටෙස්ට ටෙස්ට් තරගය ජයගැනීමට සමත්ව තිබීමය. නවසීලන්ත පිලට එරෙහිව 2019 වසරේ අගෝස්තුවේ පැවැති එම තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 6 ක ජයක් අත්කරගෙන තිබේ.
 
 ශ‍්‍රී ලංකා පිලට ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කරමින් එංගලන්ත පිල තමන් සතුකරගෙන සිටින ජයග‍්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රැුක ගනිමින් ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් සිටින එංගලන්ත කණ්ඩායම සැලසුම් සහගතව තරගාවලියට අවතීර්ණ විය. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ ආගන්තුකයින් වුවද මේ තරගාවලියේදී ඔවුන්ට වඩා හොඳ සූදානමක් තිබෙන බවට තර්ක කළ හැක. මන්ද යත් ඔවුන් ශ‍්‍රී ලංකා පිලට වඩා වැඩි කාලයක් ගෙවී ගිය දින කීපයේදී ශ‍්‍රී ලාංකේය තණතීරුවල සිය පුහුණුවීම් කටයුතු සිදුකර බැවිණි. ගැටළුවකට කරුණක් ඇත්නම් මෙම තරගාවලිය සඳහා විශේෂඥ දඟ පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට කැඳවන ලද මොයින් අලීට කොවිඩි අසාධනය වීම මත තරගාවලිය අහිමිවීම පමණි.
 
 sport12 3එහෙත් හෙට තරගය පිළිබඳව දැනුවත් වීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට පැමිණි එංගලන්ත නායක ජෝ රූට් සඳහන් කර සිටියේ සංචිතය සතු ජැක් ලීච් සහ ඩොම් බේස්, දඟ පන්දු යවන්නන් ලෙසින් ඔවුන්ට පැවැරී ඇති රාජකාරිය ඉටු කරනු ඇති බව සිය විශ්වාස කරන බවයි.
 
 මෙම තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තය පැමිණියේ ජනවාරි 03 වැනිදා වන අතර නීරෝධායන දින 3 ක කාලය අවසන් කිරීමෙන් පසු ඔවුහු හම්බන්තොටදී සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ‍්‍රී ලංකා පිල ගාල්ලට පැමිණි ඉකුත් 08 වැනිදා දිනම ගාල්ලට පැමිණි එංගලන්ත කණ්ඩායම, ගාල්ල තණතීරුවේද ශ‍්‍රී ලංකාවට වඩා වැඩි පුහුණුවක් ලබා ගැනීමට කාලගුණය ඔවුන්ට අකීකරු නොවුණි. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද (13 දා) සහ පෙරේදා (11 දා) යන දිනයන්හිදී සිය පුහුණුවීම් වල නිරත වීමේ අවස්ථාව වර්ෂාව හේතුවෙන් අහිමිවිය. ඊයේ දිනයේදීත් වර්ෂාවෙන් බාධා එල්ල වුවත් වැහි පොද මධ්‍යයේදී ශ‍්‍රී ලංකා පිල සිය පුහුණුවීම් වල නිරත වූහ.
 
 ශ‍්‍රී ලංකා කඳවුරින් ඇති එකම අවධානම් සහගත කරුණ බවට පත් වන්නේ හෙට තරගයේදී දිමුත් කරුණාරත්නගේ සහභාගිත්විය පිළිබඳවය. වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ඇඟිල්ලේ ආබාධයකට මුහුණ දුන් දිමුත් කරුණාරත්න තවමත් 100% ක සුවයක් ලබා නොතිබීම එම තත්ත්වයට හේතු වී තිබේ. වේදනා නාශක එන්නත් කර ගනිමින් දිමුත් ඊයේ දිනයේදී පන්දුවට පහර දීමේ පුහුණුවීම් වල නිරත වුවද වේදනාව උත්සන්න වීම හේතුවෙන් එය අතර මඟ නවතා දැමුවේය.
 
 ශී‍්‍ර ලංකා සංචිතය
 
 දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප‍්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, අසිත ප‍්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, නුවන් ප‍්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්.
 
 එංගලන්ත සංචිතය
 
 ජෝ රූට්, ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බෙයාස්ටෝ, ඩොම් බේස්, ස්ටුවර්ට් බෝර්ඞ්, ජෝස් බට්ලර්, ෂැක් ක‍්‍රැව්ලි, සැම් කරන්, බෙන් ෆෝකස්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ඩොමි සිබ්ලි, ඕපි ස්ටෝන්, කි‍්‍රස් වෝක්ස්, මාක් වූඞ්

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles