2020 ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ කාන්තා කේවල අර්ධ අවසන් වටයට පිවිසීමට හසලි ගජබා කී‍්‍රඩිකාව සමත්වූවාය. ඊයේ (13 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී වොනාරා ද අල්විස් පරාජයට පත් කරමින් කාන්තා කේවල කාණ්ඩයෙන් පළමුවෙන්ම අවසන් පූර්ව වරම් දිනා ගැනීමට සමත්වූවාය.
මෙවර තරගාවලිය නියෝජනය කරන ළාබාලතම කී‍්‍රඩිකාවක් වන 14 හැවිරිදි හසලි ගජබා ඊයේ දිනයේදී පහසුවෙන්ම වොනාරා ද අල්විස් පරාජයට පත් කිරීමට සමත්වීම කැපී පෙනුනි. එහිදී තරග වට 6-0ක් සහ 6-1ක් වශයෙන් පහසු ජයක් වාර්තා කිරීමට හසලි සමත්වූවාය.
ශුරතාවලියේ කාන්තා කේවල අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග තුනක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණද පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් එම තරග ති‍්‍රත්වය ඊයේ පැවැත්වීමට නොහැකි විය. එ් අනුව අනිකා සෙනෙවිරත්න සමගින් තුවිනි ද සිල්වා, සවිනි ජයසූරිය සමගින් ඔනෙලි පෙරේරා සහ ජනලි මනම්පේරි සමගින් නිශ්කා විවේකානන්දන අතර තරග මෙසේ අදට කල් දැමීමට සිදු විය.
මේ අතර පිරිමි විවෘත කේවල කාණ්ඩයේ සවිත් වීරසිංහ සහ සංක අතුකෝරළ අතර තරගයද පෙරේදා (12 වැනිදා) දිනයේදී ඇති වූ අහපත් කාලගුණය හේතුවෙන් එදින පැවැත්වීමට නොහැකි වූ අතර අයහපත් කාලගුණය හේතුවෙන් එම තරගය ඊයේ දිනයේදී පැවැත්වීමට නොහැකි විය. එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට මේ වන විට කවීශ රත්නායක, දිල්වන් හේරත් සහ විබූද විජේබණ්ඩාර සමත් වී සිටී. සවිත් වීරසිංහ සහ සංක අතුකෝරළ අතර පැවැත්වීමට නියමිත තරගයේ ජයග්‍රාහකයා හට එම කාණ්ඩයේ සිව්වැනි කී‍්‍රඩකයා ලෙසින් අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා වේ.
ඡායාරූපය - කමල් වන්නිආරච්චි
- Hits: 162