රසිත ජයවීර
එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී එක්දින හා විස්සයි විස්ස තරගාවලියක් සඳහා පාකිස්තානය බලා සංචාරය කිරීමට නියමිතය. එ් අනුව එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වේ.
අදාළ සංචාරයේදී එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම පාකිස්තානය සමගින් විස්සයි විස්ස තරග දෙකක් හා එක්දින තරග තුනකට සහභාගී වීමට නියමිතය. එහිදී විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් 14 හා 15 යන දෙදින පාකිස්තානයේ කරච්චි හීදී ආරම්භවීමට නියමිත අතර එක්දින තරගාවලිය ඔක්තෝම්බර් 18, 20, 22 යන දිනයන් හීදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම සංචාරය එංගලන්ත ක්රිකට් ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවත් මෙය හුදෙක් දෙපිලටම තරගකාරී අවස්ථාවක් නිර්මාණය කරන තරගාවලියක් පමණක් නොව එමගින් කාන්තාවන්ගේ හා ගැහැනු දරුවන්ගේ සමානාත්මතා හා අභිලාෂයන් සවිබල ගන්වමින් ඉදිරියට ගෙන යන්නට ලොවට ප්රබල පණිවිඩයක් සපයනු ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත හා වේල්ස් ක්රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්රිකට් කළමනාකාර අධ්යක්ෂ ක්ලෙයාර් කෝනර් සඳහන් කර සිටියාය.
මීට පෙර එංගලන්ත ජාතික කණ්ඩායම ද වසර 16කට පසුව පළමු වතාවට පාකිස්තානයේ සංචාරයක නිරත වන බව පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කොට තිබුණි.
- Hits: 138