Divaina - මලල කී‍්‍රඩාව නැංවීමට අමාත්‍යාංශයෙන් නව සැලසුමක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 කසුන් රණවීර
 
namla222 මෙරට මලල ක‍්‍රීඩාව ජාතික තලයට රැුගෙන යෑමේ දීර්ඝකාලීන වැඩසටහනක් යටතේ ක‍්‍රීඩකයා හා පුහුණුකරුවා බල ගැන්වීමේ අරමුණැතිව ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් නව සැලසුමක් ඉදිරිපත් කර තිබේ. එ් අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මෙන්ම ජාත්‍යන්තර තරග ඉලක්ක කරගනිමින් පුහුණු කටයුතු සිදු කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 21 දෙනෙකු සඳහා ප‍්‍රතිලාභ ලබා දීමට කටුයතු සැලසුම් කර තිබේ.
 
 මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා තරගාවලිය සහ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙන්ම ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පුහුණුවීම් සිදු කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා මෙම ප‍්‍රතිලාභ හිමිවීමට නියමිතව තිබේ. එහිදී පසුගිය වසර කිහිපයේ අඛණ්ඩව දක්ෂතා දක්වමින් ශේණිගත කිරීම් හි ස්ථානයන් රැුකගැනීමට සමත්ව සිටින හා මෑත කාලයේ දැක්වූ දක්ෂතාද පදනම් කරගනිමින් අදාළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගෙන ඇත. මීට අමතරව තෝරාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් 14 දෙනෙකු ද මෙම ව්‍යාපෘතිය යටතේ ඇගයීමට ලක්වන අතර ප‍්‍රධාන පුහුණුකරුවන් තිදෙනෙකු මෙම පුහුණු ක‍්‍රියාවලිය අධීක්ෂණය කරනු ඇත.
 
 අදාළ සැලසුමේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මූල්‍ය අනුග‍්‍රහයක් මෙන්ම, දිවයිනේ සිටින ප‍්‍රමුඛතම පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ නේවාසිකව පුහුණු කටයුතු සිදු කිරීමේ සියලූ පහසුකම් සැලසීමට යෝජනා වී තිබේ. එහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරි මාස හයක කාලයකදී මෙය ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
 
 මේ අතර මෙම නව සැලස්ම බල ගැන්වීම වෙනුවෙන් ස්වෙච්ඡුා පුහුණුකරුවන් 6 දෙනෙකු මෙම සැලසුමට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර ඊට මලල ක‍්‍රීඩා සංගමයේ හා ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සෘජු දායකත්වය ලැබේ.
 
 කෙසේ වෙතත් මේ වන විට ක‍්‍රීඩා අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවෙන් ද මෙම සැලසුමට අනුමැතිය ලැබී ඇති බව වාර්තා වන අතර පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සහ මලල ක‍්‍රීඩා සංගමයේ නියෝජිතයන්, ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයන්, ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ සාමාජිකයන්, ක‍්‍රීඩා සුබ සාධන කමිටු සාමාජිකයන් මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශයේ මහේල ජයවර්ධන, ජූලියන් බෝලිං, දිලන්ත මාලගමුව ඇතුළු තාක්ෂණික කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡුා කිරීමට රැුස්වීමක්ද පැවැත්විය. එහිදී ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බව දක්ට ලැබේ.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles