Divaina - යාපනය අද දිනුවොත් අවසන් පූර්ව වටයට

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 1එල්.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ පෙරමුණේ සිටින යාපනය සහ දෙවැනි තැන පසුවන කොළඹ කණ්ඩායම අතර දෙවැනි වටයේ පළමු හමුව අද (04 දා) සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ තරග වදින කණ්ඩායම් පහ දෙවරක් බැගින් ප‍්‍රතිවාදීන් සමග තරග වදින අතර පළමු වටයේ පෙරමුණ ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය සහ දෙවැනි තැනට පත්වු ඇන්ජලෝ මැතිව්ස්ගේ නායත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ ජය ගන්නා කණ්ඩායමට පහසුවෙන් අර්ධ අවසන් පුර්ව වටයට යෑමට අවස්ථාව සැලසේ. ඒ අනුව මෙම තරගයේ ජය යාපනය සතු වුවහොත් ඔවුන් නියත වශයෙන්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

කොළඹ කිංග්ස්

ඇන්ජලෝ මැතිව්ස් (නායක), මන්ප‍්‍රීට් සංග් ගෝනි, ඇන්ඩි‍්‍ර රසල්, ලූවිස් එවන්ස්, ඩැනියෙල් ඩෘම්මොන්ඞ්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප‍්‍රියංජන, රවින්ද්‍රපාල් සිංග්, ක්යිස් අහමඞ්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි, තීක්ෂල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, කරීම් ඛාන්, ධම්මික ප‍්‍රසාද්, හිමේෂ් රාමනායක, කලන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන

යාපනය ස්ටැලියන්ස්

තිසර පෙරේරා (නායක), ජොන්සන් චාර්ලස්, වනිඳු හසරංග, ෂොයිබ් මලික්, උස්මන් ෂිවාරි, අවිශ්ක ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප‍්‍රනාන්දු, ටොම් මොරිස්, කයිල් ඇබොට්, දුවානි ඔලිවර්, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂල, චරිත් අසලංක, අයියාකාන්ත් වියකාන්ත්, ප‍්‍රභාත් ජයසූරිය, නවනිදු ප‍්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තෙවේන්ද්‍රම් දිනෝෂන්, සෙබස්තිපිල්ලායි විජේරාජ්
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles