Divaina - 'අයාලේ ගිය පුහුණුකරු' මලල කී‍්‍රඩා ජාතික සංචිතය අමාරුවේ දමයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

 p12 3මලල ක‍්‍රීඩා ජාතික පුහුණුකරුවකු විසින් ජාතික සංචිතය අවදානමට ලක් කරමින් කොවිඞ් නිවාරණ සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් සිටන බව ‘දිවයින’ට වාර්තා වේ. එ් අනුව අදාළ පුහුණුකරු නේවාසිකාගාරයේ නේවාසිකව නොසිට, පුද්ගලික ගමන් හා සිය නිවස වෙතද පොදු ප‍්‍රවාහන සේවය උපයෝගී කරගනිමින් ගමන් කර නැවත, නේවාසිකාගාරයේ නවාතැන් ගැනීම සිදු කරමින් සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් ක‍්‍රියා කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ.
 
 මෙරට පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන්, ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුකටයුතු සිදුකරගෙන යෑමට පහසුවන පරිදි ඔවුන්ට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක‍්‍රීඩා නේවාසිකාගාරයේ නවතැන් පහසුකම් සැලසූ අතර, ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේ පුහුණු කටයුතු සිදුකිරීමේ අවස්ථාව සළසා දී තිබිණි. එ් අනුව කී‍්‍රඩකයින්ට හුදෙකලා කණ්ඩායමක් ලෙස පුහුණු කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය නිර්දේශ හිමි වූ අතර, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හෝ පුහුණුකරුවන්ට පිටස්තරයන් සමග සබඳතා පැවැත්වීම වාරණය කළේය.
 
 කෙසේ වෙතත් බහුතරයක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් තම පුහුණුකටයුතු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිදුකළ ද, ඉහත සඳහන් කළ පුහුණුකරුවා සෞඛ්‍ය නිරදේශ උල්ලංඝනය කරමින් ක‍්‍රීඩා නේවාසිකාගාරයට පැමිණ අති බවට වාර්තාවේ. එ් අනුව අදාළ පුහුණුකරු සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් නේවාසිකාගාරයේ නවාතැන් ගැනීම නේවාසිකව සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හා පුහුණුකරුවන්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව තිබේ. මෙම වසරේ කිසිදු තරගාවලියකට සහභාගී නොවූ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලබන මස පැවැත්වීමට නියමිත ජාතික ශූරතා තරගාවලියට හෝ සහභාගීවීමේ දැඩි අවශ්‍යතාවකින් පසුවන වටපිටාවක, මෙවැනි නොසැලිකිලිමත් ක‍්‍රියා හේතුවෙන් කණ්ඩායම අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles