Divaina - ‘ඔසී’ දිනද්දී ඉන්දියාවට සැනසුම් සුසුම්...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kola222සත්කාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 13කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (02 වැනිදා* සමත් විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වෙද්දී තෙවැනි තරගය ජය ගනිමින් සිය ගෞරවය රැුක ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
 
 පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 5ක් දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් විය. ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ටේ‍්‍රලියාවට පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 289ක් පමණි.
 
 ඉන්දීය ඉනිම ඔසවා තැබූ හර්දික් පාණ්ඩයා පන්දු 76කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 1ක් සමගින් නොදැවී ලකුණු 92ක් වාර්තා කළ අතර රවීන්ද්‍ර ජඬේජා පන්දු 50කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 66ක් රැුස් කළේය.
 
 ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ එ්රන් ෆින්ච් පන්දු 82කදී ලකුණු 75ක් රැුස් කළේය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 38කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 38ක් රැුස් කළේය. ෂර්දුල් ටාකූර් ලකුණු 51කට ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles