Divaina - අපරාජිත දඹුල්ල සහ යාපනය අද හැප්පෙයි... ගාල්ල සහ මහනුවර පළමු ජය සොයයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අසේල විතාන

 

dambulla555
 
 එල්. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සහභාගි වූ සමාරම්භක තරගවලදී ජයග‍්‍රහණය උදුරාගත් යාපනය සහ දඹුල්ල කණ්ඩායම් සිය අපරාජිත බව රැක ගැනීමේ අරමුණින් අද (30 දා* දෙවැනි තරගයට අවතීර්ණ වේ. එම තරග ප. ව. 3. 30 ට ආරම්භ වන අතර අනතුරුව පළමු ජය සොයන යාපනය සහ මහනුවර කණ්ඩායම් ප. ව. 8. 00 සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී තරග වදිනු ලබයි.
 
 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකම ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබුණද අද පැවැත්වෙන දඹුල්ල සහ යාපනය කණ්ඩායමේ ජයග‍්‍රාහකයන්ට පළමු තැනට පැමිණීමේ වැඩි අවස්ථාවක් තිබේ.
 
 පළමු තරගයෙන් ලද ජයත් සමග ඉදිරි තරගද තරගයෙන් තරගයට සැලසුම් කරමින් ජයග‍්‍රහණ සොයා ගැනීමට උත්සාහ කරන බව යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසයි.
 
 ‘‘ඇත්තටම නායකයකු ලෙස තියෙන ලොකුම සතුට තමයි කණ්ඩායම ජයග‍්‍රහණය කරන එක. අපේ කණ්ඩායමේ පිතිකරණ අංශයත්, පන්දු යැවීමේ අංශයත් එක වගේ දක්ෂතා දක්වනවා. ඔක්කොම එක්කෙනා වගේ සහය ලබා දෙනවා. ඉදිරි තරගවලදී අපේ සැලසුම තරගයෙන් තරගය ඉදිරියට යෑම තමයි. ’’
 
 පළමු තරගයේදී යාපනය කණ්ඩායම විසින් ගාල්ලට එරෙහිව කඩුලූ අටක පහසු ජයක් ලැබී අතර එහිදී අවිශ්ක දියත් කළ සටන්කාමී පිති ප‍්‍රහාරය සම්බන්ධයෙන් තිසර වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘‘අවිශ්ක ලංකාවේ සිටින ළාබාලතම ක‍්‍රීඩකයෙක්. ඔහු එන්න එන්නම දක්ෂතා දක්වමින් පරිණත වෙනවා. ඉදිරියේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අනාගතයට වටිනාම ක‍්‍රීඩකයෙක් තමයි ඔහු. ’’
 
 දඹුල්ල කණ්ඩායමේ ප‍්‍රධාන තුරුම්පු වන නායක දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සමිත් පටෙල් සහ අන්වර් අලීගේ කරමත ඔවුන්ගේ ජයග‍්‍රහණයේ වැඩි බර පැටවී තිබේ. යාපනය කණ්ඩායමද තිසර පෙරේරාගේ නායකත්වයෙන් සටනට පිවිසෙන්නේ අවිශ්ක ප‍්‍රනාන්දු සහ ෂොයිබ් මලික් දෙදෙනා පළමු තරගයේ දියත් කළ පිති ප‍්‍රහාරයේ වාසියක් කර ගනිමිනි. ‘‘මම ආසයි ෂොයිබ් මලික් එක්ක පිතිකරණයේ යෙදෙන්නෙ. ඔහු ගොඩක් දේවල් කියලා දෙනවා. මම ක‍්‍රිකට් ආරම්භ කරන කාලයේ ඉඳන් මලික් ජාතික කණ්ඩාම නියෝජනය කළා. එවැනි පිතිකරුවකු සමග ක‍්‍රීඩා කිරීමත් ලොකු දෙයක්. ’’ යැයි අවිශ්ක සඳහන් කර සිටියේය.
 
 තරග දෙකම පරාජයට පත්ව සිටින ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායමට අද පැවැත්වෙන තරගය කෙසේ හෝ ජය ගත යුත්තේ පිට පිටම තරග තුනක් පරාජය වුවහොත් තරගාවලියේ ඉදිරියට යෑමට නම් එක පිට තරග ජය ගැනීමේ අභියෝගයට මුහුණ දිය යුතු බැවිනි. නායක සහිඞ් අෆ්රීඩි පළමු තරගයේදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත්තද ඔහුට දෙවැනි තරගයේදී එවැනි පිති ප‍්‍රහාරයක් දියත් කිරීමට නොැකි විය.
 
 තරගාවලියේ ප‍්‍රබල නවකයන් පිරිසක් සිටින මහනුවර කණ්ඩායමේ කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස්ට එකවර ක‍්‍රියාත්මක වීමට හැකි වුවහොත් ප‍්‍රතිවාදීන්ව පරාජය කිරීම එතරම් අභියෝගයක් නොවනු ඇත. රහමුනුල්ලා ගුර්බාස්, නවින් හුල් හක් වැනි විදෙස් ක‍්‍රීඩකයන්ද ඔවුන් සතුව පවතී.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles