Divaina - නවසීලන්තය වේලාසනින්ම තරගාවලිය දිනයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

newzee222
 
 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගුවායි හී පැවැති දෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ලකුණු 72කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (29 වැනිදා* සමත් විය. එ් අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය.
 
 පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු 238ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට ලබා දුන්නේය. එ් අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී ලබා ගත හැකි වූයේ කඩුලූ 9ක් දැවී ලකුණු 166ක් පමණි.
 
 නවසීලන්ත ඉනිම 200 සීමාවට රැගෙන ගිය ග්ලේන පිලිප්ස් නොදැවී ශතකයක් වාර්තා කළේය. පන්දු 51ක් පමණක් වැය වූ එම ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත විය. නවසීලන්ත ඉනිම ආරම්භ කළ මාටින් ගප්ටිල් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වෙද්දී පන්දු 37ක් තුළදී නොදැවී ලකුණු 65ක් නවසීලන්තයට එකතු කිරීමට ඩෙවෝන් කොන්වේ සමත් විය. හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක්ද එම ඉනිමට එක් කිරීමට ඔහු සමත් විය.
 
 කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 10දී අහිමිවී ගියේය. පළමු කඩුල්ලේ සිටම සාර්ථක ලකුණු සම්න්ධතාවක්
 
 ගොඩනැගීමට හෝ ජයග‍්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය දළ ලකුණු වේගය පවත්වා ගැනීමට අපොහොසත් වූ කොදෙව් ඉනිමේ පළමු කඩුලූ 5 පන්දුවාර 13කදී මුළු ලකුණු 107කදී අහිමි වී ගියේය. කිරන් පොලාඞ් ලකුණු 28ක් සහ සිම්ර්න් හිට්මයර් ලකුණු 25 බැගින් වාර්තා කළ අතර කීමෝ පෞල් නොදැවී ලකුණු 26ක් රැුස් කළේය.
 
 ලකුණු තත්ත්වය
 
 නවසීලන්තය පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 238යි (ග්ලේන් පිලිප්ස් (නොදැවී* 108, ඩෙවෝන් කොන්වේ (නොදැවී* 65, මාටින් ගප්ටිල් 34, කිරන් පොලාඞ් 1/35, ෆේබියන් ඇලන් 1/35, ඔෂේන් තෝමස් 1/44*
 
 බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 166යි (කිරන් පොලාඞ් 28, සිම්රොන් හිට්මයර් 25, කීමෝ පෞල් (නොදැවී* 26, කයිල් ජෙම්සන් 2/15, මිචෙල් සැන්ටර් 2/41*

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles