Divaina - තරගයේ ජයට වඩා තරගාවලියටම හොඳ ආරම්භයක් වුණා... ඉසුරු උදාන කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 2එල්.පී.එල් සමාරම්භක තරගයේ ජයට වඩා එම තරගය පැවැති ආකාරය සමස්ත තරාගාවලියටම විශිෂ්ට ආරම්භයක් වූ බව කොළඹ කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදාන පවසයි. සුපිරි පන්දුවාරයෙන් අවසන් වූ එම තරගයේදී ලකුණු සම තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් උදාන දැක්වූ පිති ප‍්‍රහාරය විශිෂ්ට ගණයේ විය.

කොළඹ කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවතවීමෙන් පසුව පැමිණි ඉසුරු උදානට වේගවත් පිති ප‍්‍රහාරයක් භාරව තිබුණි. එහිදී කොළඹ කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා පන්දු 12 කදී හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 34 ක් ලබා ගනිමින් සුපිරි පන්දුවාරය දක්වා තරගය ගෙන යෑමට ඉසුරු උදාන සමත් විය.

‘‘තරගයට වඩා තරගාවලියටම මේ තරගය හොඳ ආරම්භයක්. මොකද තරගාවලියේ පළමු තරගයම සුපිරි ඕවරයක් දක්වා යනව කියන එක මාර දෙයක්. ඒකෙන් කණ්ඩායම්වල තත්ත්වය ඉතාමත් හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තණතීරු පිතිකරණට ඉතාමත් හොඳයි. හතරේ සීමාවත් අපි හිතුවට වඩා ළඟයි. ඒකත් එක්ක තරගාවලියට හොඳ ආරම්භයක් ලැබුණා.’’ යැයි ඉසුරු උදාන පවසයි.

ලොව පුරා විස්සයි විස්ස තරග ක‍්‍රීඩා කරමින් පදම් වී සිටින ඉසුරු උදාන ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 30 කදී කඩුලූ 24 ක්ද පිතිකරුවකු වශයෙන් ලකුණු 230 ක්ද ලබා තිබේ. එහිදී ඔහුගේ ඉහළම ඉනිම වන්නේ 2019 වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 84 යි. ඔහුගේ විස්සයි විස්ස තරගවල ප‍්‍රහාරාත්මක වේගය 144.65 කි.

තරගයේදී පීඩනයක් නොතිබූ බවත් පිතිකරුවන් ලැයිස්තුවක්ම සිටි බැවින් ලකුණු සංඛ්‍යාව හඹා යෑම සම්බන්ධයෙන්  අභියෝගයක් නොදැනුන බවත් ඉසුරු උදාන පවසයි. ‘‘විශ්වාසයක් තිබ්බා ලකුණු 219 ක ඉලක්කය හඹා යන්න පුළුවන් කියලා. මොකද චන්දිමාල්, ඇන්ජලෝ සහ රසල් හිටියා. ඒ වගේම මමත් යටින් හිටපු නිසා ජයග‍්‍රහණය හඹා යන්න පුළුවන් කියල විශ්වාසයෙන් තමයි ක‍්‍රීඩා කළේ. අපි කළේ දළ ලකුණු වේගය 10 ගාණේ මුල ඉ`දලා තියාගෙන යන එකයි.’’

මහනුවර කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉර්ෆාන් පතන් ඔහුගේ දෙවැනි පන්දුවාරයේ පස්වැනි පන්දු යැවීමෙන් පසුව ආබාධයකට ලක්විය. එයද තම කණඩායමට වාසියක් වූ බව ඉසුරු උදාන පවසයි. ‘‘ඉර්ෆාන් පතන් ආබාධයකට ලක්වීමත් සමග ඒ අයට ඕවර කිහිපයක් යැවීමේ ගැටලූවත් තිබ්බා. අනිත් එක්ක මේ තණතීරුවේ පන්දු යවලා බේරෙන්න හරි අමාරුයි සුළු වරදක්වත් කරන්න බැහැ. එහෙම වුණොත් හයේ පහරකින් සහ හතරේ පහරකින් තමයි නවතින්නෙ’’

අනිත් අන්තයේ හිටි පිතිකරුවා සමග විනෝදයෙන් පිති ප‍්‍රහාරයේ යෙදීමට සැලසුම් කළ බවද ඉසුරු පවසයි. ‘‘මට මුලින්ම අවශ්‍ය වුණේ පන්දු කිහිපයක් බැට් එකේ වද්දගන්න. අනිත් පැත්තෙ හිටපු එක්කෙනත් එක්කත් කතා කළේ එන බෝලයට ගහමු කියලා. ඉලක්කය ගැන හිතාගෙනම බැට් කළේ නැහැ.’’

අසේල විතාන
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles