Divaina - එල්.පී.එල්. සටන් දෙකක් අද - පළමු සටන දඹුල්ල සහ මහනුවර අතර - දෙවැනි සටනට කොළඹ සහ ගාල්ල

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 1එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවාලියේ තෙවැනි තරගය වශයෙන් අද (28 දා) දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින් කණ්ඩායම සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායම තරග වදිනු ලබයි. සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.30 ට ආරම්භ වේ.
 
 අද දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර එම දෙවැනි තරගය තරගාවලියේ සිව්වැනි තරගය වශයෙන් කොළඹ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කිංග්ස් සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල ගැල්ඩියේටර්ස් අතර පැවැත්වේ. එය ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිතය.
 
 ඇන්ජලෝ මැතිව්ස්ගේ කොළඹ කණ්ඩායම පළමු තරගය සුපිරි අවසානයකින් අවසන් කරමින් ලද ජයග‍්‍රහණය හේතුවෙන් පිබිදීමකට ලක්ව සිටියි. එහිදී ඉසුරු, උදාන, ඇන්ඩි‍්‍ර රසල් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට පැමිණ තිබීම ඔවුන් සතුව ඇති අතිරේක වාසියකි.
 
 ගාල්ල කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ විසින් දැරුවද ඔවුන්ගේ ප‍්‍රධාන තුරුම්පුව වන සහිඞ් අෆ්රීඩිට මෙම තරගය ක‍්‍රීඩා කිරීමට නොහැකිව තිබේ. ඒ ඔහු නිරෝධානයට ලක්ව ඇති බැවිනි. කෙසේ වෙතත් දෙවැනි තරගයේ සිට ඔහු එක්වීමට නියමිතව ඇත. ගාල්ල කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයන් වශයෙන් අබ්දුල් නසීර්, අශාන් අලී, අසාම් ඛාන්, හස්රතුල්හා රායි, මොහොමඞ් අමීර්, චද්වික් වෝල්ටන්, වකාස් මෂූඞ්, කොලින් ඉන්ග‍්‍රෑම් සහ සෆ්රාස් අහමඞ් ක‍්‍රීඩා කරන අතර දේශීය ක‍්‍රීඩකයන් වශයෙන් ෂෙශාන් ජයසුරිය සහ අකිල ධනංජයද එම කණ්ඩායම සතුවේ.
 
 දඹුල්ල කණ්ඩායමද සමබර කණ්ඩායමකි. දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල යන ප‍්‍රහාරාත්මක පිතිකරුවන් මෙන්ම උපුල් තරංග, ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු මධුෂංකද එම කණ්ඩායම සතුව ඇති තවත් තුරුම්පුවේ. මීට අමතරව විදෙස් ක‍්‍රීඩකයන් වශයෙන් ලෙන්ඞ්ල් සිමන්ස්, ඬේවිඞ් මිලර්, කමරන් අක්මාල්, කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්, සුදීප් ටයිගි, පවුල් ස්ටි‍්‍රලින්ග්, සමිඋල්හා ෂිනවරි මෙන්ම සමිත් පටෙල්ද එම කණඩායම සතු වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles