Divaina - කොවිඞ් කාලයේ ස්ව කී‍්‍රඩා පුහුණුවක යෙදීම

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කී‍්‍රඩා පුහුණුව යනුවෙන් අදහස් කරන්නේ පුහුණුකරුවෙකු විසින් කියා දෙන අන්දමට පුහුණුවීම යනුවෙන් අර්ථ ගැන්විය හැකි වුවත් පුහුණුකරුවෙකුගෙන් තොරව ස්ව පුහුණුවෙන් ද ජයග‍්‍රහණය කළ හැකි බව ඔලිම්පික් ජයග‍්‍රහණ නාමාවලිය පෙන්වා දෙයි. මීටර් 800, 1500, 5000, 10000 හා මැරතන් ජයග‍්‍රහණ නාමාවලිය පිරික්සන්නෙකුට එවැන්නන් 46 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සොයා ගත හැකිය. ජාත්‍යන්තරයේ මෙම පුහුණුවSelf Coaching යනුවෙන් හදුන්වන අතර ඒ උදෙසා ලියැවුණ පත පොත ද විශාලය.

හදිසියේ පැන නැගි කොවිඞ් අර්බුදය නිසා පුහුණුකරුවන්ට පෙර මෙන් ඉගැන්වීම් කිරීමට වට පිටාවක් සකස් වී නැත්නම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තම ගම් පළාතේ හෝ නිවාසයේ සිට පුහුණුවීම් කිරීමට ලිඛිත පුහුණු වැඩ සටහනක් දීමට පුහුණුකරුවන්ට හැකියාව තිබිය යුතුය. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු දින පොත් පුහුණුව ආරම්භයේ සිටම පාවිච්චි කරන්නේ නම් ප‍්‍රයෝජනයක් වේ. එහෙත් මෙම පුහුණු දිනපොත හෙවත් Training Diary මෙරට කී‍්‍රඩා පුහුණුවට තවමත් ආගන්තුකය. ඇක්සසයිස් පොතක පිටුවක් පිරෙන දෛනික පුහුණු වැඩ සටහන් ගැන මෙරට අසන්නට නොලැබේ.

ලොක්ඩවුන් නොකරන ලද පළාතක නම් කී‍්‍රඩා පිටියක හෝ සමතලා භුමියක හෝ මුහුදු වෙරළේ මෙම අභ්‍යාස කළ හැකිය. ලොක්ඩවුන් කරන ලද පළාතක නම් තම නිවසේ සිට මෙම අභ්‍යාස කළ හැකිය. කී‍්‍රඩා අතින් දියුණු රටවල් ශීත කාලයේ නිවෙස්වලට වී සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හ`දුන්වා දී ඇති මෙම අභ්‍යාස මෙකල මෙම රටේ ද භාවිතයට ගැනීමේ හැකිකම පවතී.

මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එක තැන උස පැනීම, පැත්තෙන් පැත්තට පැනීම, ඉදිරිපසට පසුපසට පැනීම, වොලිබෝල් කී‍්‍රඩකයෙකුට නම් ඉහළින් එල්ලන ලද පන්දුවකට පහර දීම, විදින්නියකට නම් ඉහළින් වළල්ලක් එල්ලා පන්දුව විදීමට පුහුණුවීම, කළ හැකිය. මෙයාකාරයෙන් නිවසේ සිට කළ හැකි, විවිධ කී‍්‍රඩාවන්ට හා ඉසව්වන්ට භාවිතා කළ හැකි අභ්‍යාස ගණනාවක් නිර්මිත වී ඇත. මෙමගින් ශක්තිය, වේගය, දැරීමේ හැකියාව, නම්‍යතාවය යම් මට්ටමක් දක්වා රැුක ගත හැකිය. කී‍්‍රඩාව හරහා මෙතෙක් ගොඩ නගාගෙන සිටි ශාරීරික යෝග්‍යතාවය කොවිඞ් කාලය තුළ රැුක නොගතහොත් නැවත මුල සිටම පුහුණුව ඇරඹීමට සිදුවේ.

මෙම පුහුණුව සම`ග කී‍්‍රඩා මානසික පුහුණුවක් ද ගෙන යාමෙන් ප‍්‍රයෝජනයක් ගත හැකිය. ඒ ස`දහා යෝග භාවනා හෝ ආනාපාන සති භාවනාව මගින් සිත එකලස් කරගෙන ඇල්ෆා මට්ටමට පැමිණ තමා අදාළ කී‍්‍රඩාවෙන් හෝ ඉසව්වෙන් දිනන බව සිතට පැවසීමත්, එය චිත්ත රූප මගින් දර්ශනය කිරීමත් කළ හැකිය. උස පැනීමේ ලෝක ශුරයෙකු වූ ඞ්වයිට් ස්ටෝන්ස්, ගොල්ෆ් ශුරයෙකු වූ ජැක් නිකොලොස්, දස ප‍්‍රයාමය ශුරයෙකු වූ බෲස් ජෙනර් ආදී ශුර ශුරියන් ගණනාවක් තම තමන්ගේ නිවෙස්වල සිට මානසික පුහුණුවක යෙදුන බව ස`දහන් කර තිබේ. 1973 බොස්ටන් මැරතන් ශුරතාවය දිනු ජෝන් ඇන්ඩර්සන් පිටියේ සිදුවන ශාරීරික පුහුණුවත් නිවසේ සිට කරන මානසික පුහුණුවත් දෙකක් නොව එකක් බවත්, කී‍්‍රඩා පුහුණුව ඉහළ මට්ටමින් හො`ද ප‍්‍රතිඵල ලබා දිය හැකි යැයි සහතික කළ නොහැකි බවත්, එය සහතික වන්නේ මානසික පුහුණුවකින් ආවරණය වී නම් පමණක් බවත් ස`දහන් කර ඇත. කිසියම් හේතුවක් නිසා ශාරීරික පුහුණුව කඩා වැටුණත් මානසික පුහුණුව එසේ කඩා නොවැටෙන බව සඳහන් කළේය.

1956 ඔලිම්පික් තරග වාරයේ මීටර් 100 ශුරතාවය දිනු බොබී ජෝ මෝරෝ මීටර් 200 පුර්ව තරගයේදී හැම්ස්ටි‍්‍රං පේශීය ඉරී ගියේය. මෙම වේදනාව මානසික බලයෙන් යටපත් කර එම ඉසව්ව තත්පර 20.6කින් නිම කර ජය ගත්තේය. යුරෝපා කුසලාන මල්ලවපොර තරගයකදී රුසියාවේ අයි.කොට්කේ කී‍්‍රඩකයා හෙවිවේට් පංතියේ පළමු මූලික තරගයේදී ඉළ ඇට බි`දීමට ලක් විය. වෛද්‍යවරු ඔහුට තරගයෙන් ඉවත් වන ලෙස කීවත් ඔහු කළේ ප‍්‍රතිවාදියා ඔසවා පොළොවේ ගැසීමය. මෙම බර පංතියේ ඉතිරි තරග තුනද පහසුවෙන් ජය ගත් ඔහු දැඩි මානසික පුහුණුවක් ගෙන ගිය බව පැහැදිලිය. ” මම මේ තරගයට ආවේ සෝවියට් රුසියාවේ ගෞරවය රකින්නයි ” කියමින් ඔහු රෝහල් ගතවිය.

පසුගිය රීඩර්ස් ඩයිජෙස්ට් ස`ගරාවක පැසිපන්දු කී‍්‍රඩාවකට අදාළ මෙවැනි පර්යේෂණ වාර්තාවක් පළ විය. එක සමාන බර, වයස හා කායික මට්ටම්වලින් යුත් කණ්ඩායම් තුනක් තෝරා ඉන් පළමු කණ්ඩායමට අයිනකට වී නිකං සිටින්නට පවසන ලදී. දෙවැනි කණ්ඩායමට දිනපතා පැයක් පන්දුව වළල්ල තුළට විදින ලෙස දන්වන ලදී. තුන්වන කණ්ඩායමට පන්දුව මානසික චිත්ත රූප මගින් වළල්ල තුළට විදින ලෙස දන්වන ලදී. මාසයකට පසු මෙම කණ්ඩායම් තුනේ නිදහස් විදීම් වාර පරීක්ෂා කරන විට පළමු තැනට පත් වූයේ මානසිකව එය පුහුණු වූ තුන්වැනි කණ්ඩායම බව ස`දහන් විය.

තමාගේ කාමරය තූළ තමාගේ ඒකාන්ත ජයග‍්‍රහණයට අදාළ ආත්ම විශ්වාසය වර්ධනය කරන වැකි නිතර කියවමින්, චිත්ත රූප මගින් ජයග‍්‍රහණය දකිමින් කරන මානසික පුහුණුවද මෙම කාලයේ කළ හැකිය.

මෙම දැනුම සමස්ත ලාංකික කී‍්‍රඩා පරපුරට බෙදා දීමේ වගකීම ඇත්තේ ජාතික කී‍්‍රඩා විද්‍යායතනයට වුවත් ඔවුන් භාවනාවේ ගැඹුරුම මට්ටම වන ඩෙල්ටා මට්ටමට වැටී නිද්‍රාපිතව සිටී.

p16 1678

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles