Divaina - මගේ රටට මා කළ දේ ලෝකයම දන්නවා...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 3එල්. පී. එල්. තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය පැවරීමටද බලාපොරොත්තු වූ ලසිත් මාලිංග හිටි හැටියේ එල්. පී. එල්. වලින් ඉවත්වීමෙන් ඔහුව විවේචනයට බඳුන්ව තිබේ. නමුත් තමා රටට කළ දේ කුමක්ද යන්න ලෝකයම දන්නා බව මාලිංග සඳහන් කරයි.
 
 ‘‘එල්. පී. එල්. වලින් ඉවත්වීම සම්බන්ධයෙන් සමහර ජනතාව මාව විවේචනය කරනවා. නමුත් මම කඩුලූ ලබා ගන්නා විටත් ප‍්‍රීති වුයේ මේ අයම තමයි. ඔබ කුමක් අත්කර ගත්තද සමහර විට ඔබද විවේචන ගත යුතුයි. නමුත් මගේ රට වෙනුවෙන් මා කළ දේ ලෝකයම දන්නවා. මට ආදරය කරන අයත් ඒක දන්නවා. ඒක මට ප‍්‍රමාණවත්. ’’ යැයි ලසිත් මාලිංග සඳහන් කරයි.
 
 මේ වන විට 37 වැනි වියේ පසුවන ලසිත් මාලිංග මෙවර එල්. පී. එල්. තරගාවලිය ක‍්‍රීඩා කිරීමට නොහැකි බව පවසා සිටියේ ප‍්‍රමාණවත් පුහුණුවක් නොමැති බැවිනි. එබැවින් ඔහු පවසන්නේ යෝකර් පන්දුවක් දැමීමට දහස් වාරයක් පුහුුණුවීම් කළ යුතු බවත් එම දේවල් කිරීමට නොහැකි වුවහොත් අයි. පී. එල්. වලදී කරන දේවල් එල්. පී. එල්. වලදී නොකරනවා යැයි යන චෝදනාද එන බවයි. කෙසේ වෙතත් සති දෙකක්වත් පුහුණුවීමට කාලයක් තිබුණේ නම් ඔහු එල්. පී. එල්. ක‍්‍රීඩා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබේ.
 
 මාලිංග පසුගිය මාස නවයකට ආසන්න කාලයේදී කිසිදු පුහුණුවීමක් කර නොමැතිි අතර ඔහු සිය නිවසේ පමණක් ශාරීරික යෝග්‍යතාවල නිරතව ඇත. ඉකුත් පෙබරවාරි මාසයෙන් පසුව කිසිම ක‍්‍රිකට් තරගාවලියක්ද ක‍්‍රීඩා කර නැත. මේ වන විට ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී තිබෙන මාලිංග විස්සයි විස්ස තරග 84 කදී බිඳ දමා ඇති කඩුලූ සංඛ්‍යාව 101 කි. ලොව පළමු විස්සයි විස්ස කඩුලූ 100 දවාගත් පන්දු යවන්නාද වන ඔහු අයි. පී. එල්. ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියාද වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles