මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඞ් අෆ්රීඩි නියමිත දිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසු වුවත් ඔහුට ගුවන් යානය මගහැරී ඇත. ඒ සම්බන්ධයෙන් කනගාටු නොවන ලෙසත් ඉතාමත් ඉක්මින් ගාල්ල ගැලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වන බවත් අෆ්රීඩි සඳහන් කර තිබේ.
ගාල්ල කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා වශයෙන් සහිඞ් අෆ්රීඩිව නම් කළ අතර එහි දේශීය ප්‍රධානතම ක්‍රීඩකයා වූ ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් විය. එ අනුව පළමු තරග දෙකේදී ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පැවරීමට නියමිතව තිබේ.
සහිඞ් අෆ්රීඩි අද (25 දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණ හම්බන්තොට බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී ඔහු දින හතක නිරෝධායනයකට යටත් විය යුතුවේ. එම කාලසීමාවේදී පළමු වටයේදී යාපනය සහ කොළඹ කණ්ඩායම සමග ලබන 27 සහ 28 දිනවල පැවැත්වෙන තරග දෙක අෆ්රීඩිට මග හැරෙනු ඇත.
කෙසේ වෙතත් සහිඞ් අෆ්රීඩිට මහනුවර කණ්ඩායම සමග තරගයේ සිට ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ. නමුත් ඊට පෙර ඔහු පී. සී. ආර්. පරීක්ෂණ තුනකට හෝ හතරකට මුහුණ දිය යුතුව ඇතැයි ගාල්ල කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විටත් ගාල්ල කණ්ඩායම ඇතුළු සියලූම කණ්ඩායම් පුහුණුවීම් අරඹා ඇති අතර දෙවැනි දිනටත් ඔවුන් සිය පුහුණුවීම් ඊයේ දිනයේදීත් සිදුකර තිබේ.
සහිඞ් අෆ්රීඩි විස්සයි විස්ස තරග 99 කදී ලකුණු 1416 ක් සහ කඩුලූ 98 ක් ලබා තිබේ. ඔහු අයි. පී. එල්. තරග 10 ක්ද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි. පාකිස්තාන් ක්‍රීඩකයන් අයි. පී. එල්. තරගාවලිය කී‍්‍රඩා කිරීම වර්ජනය කර ඇත්තේ දෙරට අතර ඇති දේශසීමා අරගලය හේතුවෙනි. නමුත් අෆ්රීඩි එම තරගාවලිය නියෝජනය කිරීම විශේෂත්වයකි.
ගාල්ල කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් වශයෙන් චද්වික් වෝල්ටන්, අෂාම ඛාන්, හස්රතුල්හා ෂායි, අබ්දුල් නසීර්, වහක්ස් මෂූඞ්, මොහොමඞ් අමීර් සහ අශාන් අලී ක්‍රීඩා කරන අතර අතර දේශීය ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ ෂිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, ෂෙහාන් ආරච්චි සහ දුවිඳු තිලකරත්න ගාල්ල කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
- Hits: 254