නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වර්තමානයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රෝස් ටේලර් 2023 වසරේ පැවැත්වෙන පන්දුවාර පනහ ක්‍රිකට් ලෝක කුසලාන දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරයි.
මේ වන විට 37 වැනි වියට ආසන්නව සිටින ටේලර් ටෙස්ට් තරග 101 කදී ශතක 19 ක්ද සමග මුළු ලකුණු 7238 ක්ද එක්දින තරග 232 කදී ශතක 21 ක් සමග මුළු ලකුණු 8574 ක්ද ලබා සිටියි. ඔහු විස්සයි විස්ස තරග 100 ක් කී‍්‍රඩා කරමින් අර්ධ ශතක හතක් සමග මුළු ලකුණු 1909 ක් ලබා ඇත.
‘කොවිඞ් 19 වසංගතය කාලයේදී ලැබුණු නිවාඩුවෙන් මාගේ ඉදිරිය ගැන සැලසුම් කළා. ඔබ දන්නවා අපිට කෙටි කාලීන සහ දිගුකාලීන ඉලක්ක තිබිය යුතුයි කියලා. එක්දින ලෝක කුසලාන අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දේවල් මට සකස් කිරීමට අවශ්‍යයි. මොකද මම තරුණ නැහැ. ’’
රෝස් ටේලර්ට උපදේශක වශයෙන් කටයුතු කර ඇති මාටින් ක්‍රෝ ඔහුට සඳහන් කළ දේ සම්බන්ධවද සිහිපත් කළේය. ‘නවසීලන්තය වෙනුවෙන් තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කිරීමත් ඉතාමත් සතුටට කරුණක්. වාර්තා බිඳ දැමිය යුත්තේ ඊළඟ කෙනාට එය බිඳ දැමීමට බවයි.
- Hits: 274