Divaina - අයි. සී. සී.යෙන් ඔලිම්පික් ලොක්කන්ට බල කිරීමක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

olimpic444ලොව මහා ක‍්‍රීඩා මංගල්‍ය වන ඔලිම්පික් උළෙලට ක‍්‍රිකට් ක‍්‍රීඩාවද ඇතුළත් කර යුතුව ඇතැයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය හෙවත් අයි. සී. සී. ය විසින් ලිඛිතව ඉල්ලා සිටියි. මීට පෙරද එම ඉල්ලීම කළද ඔලිම්පික් කමිටුව ඒ සඳහා නිසි පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අයි. සී. සී. ය යළිත් අදාළ ඉල්ලීම වෙනුවෙන් සටනට බැස තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් සහ අනෙකුත් සාමාජික රටවල් විසින්ද ඔලිම්පික් උළෙලට ක‍්‍රිකට් ඇතුළත් කළහොත් ඒ ඒ රටවල ඔලිම්පික් කමිටුවලින් ලැබෙන ප‍්‍රතිලාභ සම්බන්ධව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා තිබේ.

ලොව ස්ථිර ක‍්‍රීඩාවක් බවට පත්ව ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩාව 2028 ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීම සඳහා සූදානමක් පැවතියද තවමත් ඒ සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ස්ථිර විසඳුමක් සහ ක‍්‍රමවේදයක් ලබාදීමට අපොහොසත් වී සිටියි. යම් හෙයකින් ඔලිම්පික් උළෙලට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කළහොත් අදාළ රටවල්වල රජයෙන් සහ ඔලිම්පික් කමිටුවලින් ලැබෙන මූල්‍යමය ආධාර සම්බන්ධවද ගණනය කළ යුතුව ඇතැයි අයි. සී. සී. ය විසින් පෙන්වා දෙයි.

ලබන නොවැම්බර් මස 02 වැනිදා රැුස්වන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකයන්ගේ රැුස්වීමේදීද මේ සම්බන්ධව අවධානය යොමුවීමට නියමිතය. 2023 වසරෙන් පසුව යෙදෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග කාල සටහන ගැන සාකච්ඡුා කිරීමටද එම රැුස්වීමේදි නියමිත අතර එහිදි ඔලිම්පික් උළෙලට කි‍්‍රකට් ක‍්‍රීඩාව ඇතුළත් විය යුත්තේ කෙසේද යන්නත් මාතෘකාවට බඳුන්වීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් බොහෝ ක‍්‍රිකට් ආයතන දැඩි මූල්‍ය අගාධයකට ලක්ව ඇති මොහොතක ඔලිම්පික්වලට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කළහොත් එම ආයතනයට ලැබෙන මූල්‍ය දායකත්වයෙන් යළිත් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පණක් ලැබෙන බවද අයි. සී. සී. ප‍්‍රධානීන් විසින් පෙන්වා දෙයි.

අයි. සී. සී. ය විසින් ගෙනෙන ලද ‘බිග් ත‍්‍රී’ සංකල්පය අනුව ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාවට වැඩි වාසියක් ඔලිම්පික් උළෙලට ක‍්‍රිකට් ඇතුළත් කිරීමෙන් ලැබෙනු ඇතැයි අනෙකුත් රටවල් විසින් තර්ක කර තිබේ. නමුත් එම හේතූන් සියල්ල සලකා බලා සැමටම එක හා සමාන අවස්ථාවක් ලබාදීමට මෙන්ම රටවල් දෙකක් අතර තරග පැවැත්විය යුතු කාලවල් තීරණය කිරීම සම්බන්ධවද ඉදිරි අයි. සී. සී. සාකච්ඡුාවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුාවට බඳුන් වේ.

වාර්තා වන පරිදි 1900 වසරේ පැරීසියේ පැවැති ඔලිම්පික් උළෙලට ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කර ඇතැයි සඳහන් වේ. නමුත් එම ඔලිම්පික් උළෙලට සහභාගි වු බෙල්ජියම සහ නෙදර්ලන්තය ඉවත්වීමෙන් එක් තරගයකට පමණක් ක‍්‍රිකට් තරග සීමාවීමෙන් පසුව ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔලිම්පික්වලින් ඉවත් කර ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles