Divaina - විදෙස් ක‍්‍රීඩකයෝ පහක් එල්.පී.එල්වලින් ‘කට්ටි’ පනිති

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
 අසේල විතාන
 
 lpl333ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඩුබායි අයි.පී.ජී ආයතනය එක්ව පවත්වනු ලබන එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි විදෙස් ක‍්‍රීඩකයන් පස්දෙනෙකුට තරගාවලියට සහභාගි විය නොහැකි බව දන්වා තිබේ.
 
 එල්.පී.එල්. තරගාවලියට සහභාගී වන විදෙස් ක‍්‍රීඩකයන් ඉදිරි සති අන්තයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ දින 14 ක නිරෝධායනයට ලක්විය යුතුව තිබේ. නමුත් තම ජාතික කණ්ඩායමේ තරගාවලියක් ස්ථිර වීම හේතුවෙන් එංගලන්ත සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් එල්.පී.එල්. කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත්ව ඇත.
 
 ඒ අනුව ෆෆ් ඩූ ප්ලෙසිස්, ඬේවිඞ් මිලර් සහ ඬේවිඞ් මාලන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් ඉවත්ව ඇත. ඇන්ඩෘ රසල් ආබාධයකට ලක්වීමෙන් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර මන්වින්දර් බිස්ලා හේතුවක් නොමැතිව ඉවත්ව ඇතැයි සඳහන් වේ.
 
 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම නියෝජනය කිරීමට සිටි ෆෆ් ඩූ ප්ලෙසිස්, ඇන්ඩෘ රසල් සහ මන්වින්දර් බිස්ලා එම කණ්ඩායමට අහිමි වුවද ඒ වෙනුවෙන් වෙනත් ක‍්‍රීඩකයන් ආදේශ කිරීමට අදාළ කණ්ඩායම් හිමිකරුවන්ට හැකියාවක් තිබේ.
 
 දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමට නම් කර සිටි ඬේවිඞ් මිලර් සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායමට නම් කර සිටි ඬේවිඞ් මාලන්ටද එල්.පී.එල්. අහිමිව තිබේ. හදිසි හේතුවක් නිසා නොපැමිණෙන ක‍්‍රීඩකයන් වෙනුවට කණ්ඩායම් හිමිකරුවන් විසින් ආදේශකයන් තෝරා ගැනීමක් සිදුකිරීමට නියමිතය.
 
 දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගාවලියේ පළමුව ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ පළමුතරගය ලබන මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය. නමුත් එල්.පී.එල්. තරගාවලිය එම මස 21 වැනිදා ආරම්භ වීම හේතුවෙන් එම කී‍්‍රඩකයන් තරගාවලියෙන් ඉවත්ව තිබේ.
 
 එල්.පී.එල්. තරගාවලියට සහභාගී
 
 වන සියලූම ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මත දින 14 ක නිරෝධානයකට ලක්විය යුතුවේ. අනතුරුව තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සහ අවසන් තරග කිහිපය පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles