Divaina - දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ලොක්කෝ ගෙදර යති

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
southaf444විවිධ අර්බුදවලට ලක්ව ඇති දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු දස දෙනෙකු ඉල්ලා අස්වී තිබේ. ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමකින් පසුව මෙම සාමාජිකයන් ඉල්ලා අස්වී ඇතැයි වැඩි දුරටත් සඳහන් වේ.
 
 දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් වැඩ බලන සභාපති බෙරෙස්ෆර්ඞ් විලියම්ස් සමග අධ්‍යක්ෂවරුන් හය දෙනෙකු මෙසේ ඉල්ලා අස්වී තිබේ. ඔවුන්ගේ ඉවත්වීමෙන් පසු දින තවත් අධ්‍යක්ෂවරුන් තිදෙනකුම ඉවත්ව ඇතැයි වාර්තා වේ.
 
 අදාළ ඉල්ලා අස්වීම් සම්බන්ධව දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ. ‘‘දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යහපත උදෙසා සමස්ත මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බවට ගත් තීරණයකින් පසුව තමයි මෙසේ ඉල්ලා අස්වීමට සාමාජිකයන් තීරණය කළේ.’’ යනුවෙනි.
 
 ඉදිරි මාස කිහිපය ඇතුළත දකුණු අප‍්‍රිකාවේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම ඉල්ලා අස්වීම් සිදුකිරීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ප‍්‍රධාන ක‍්‍රිකට් විධායක විසින් ඉදිරි පාලනය සිදුකිරීමට නියමිතය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles