Divaina - සන්රයිසස් හයිද්‍රාබාද්ගෙන් දිල්ලි කැපිටල්ස්ට දරුණු පරාජයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
ipl444ඬේවිඞ් වෝනර් සහ වර්ඩිමාන් සහාගේ ශතක සම්බන්ධතාවෙන් ශක්තිමත් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම දිල්ලි කැපිටල් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20දී කඩුලූ 2කට ලකුණු 219ක් වාර්තා කිරීමට සමත් විය. එ් අනුව ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය ලෙසින් පෙරේදා (27 වැනිදා* පැවැති තරගය ලකුණු 88කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකියාව ලැබිණි.
 
 හයිද්‍රාබාද් ඉනිම ආරම්භ කළ නායක ඬේවිඞ් වෝනර් සහ වර්ඩිමාන් සහා පළමු කඩුල්ලට පන්දුවාර 9.4කදී ලකුණු 107ක් එක් කිරීමට සමත් විය. වෝනර් පන්දු 34කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 66ක් සහ වර්ඩිමාන් සහා පන්දු 45කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 87ක් රැුස් කළේය. මනිෂ් පාණ්ඬේ පන්දු 31කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 44ක් වාර්තා කළේය. හයිද්‍රබාද් පිතිකරුවන් හමුවේ දැඩි ප‍්‍රහාරයකට ලක්වූ කාගිසෝ රබාඩා පන්දුවාර 4දී කිසිදු කඩුල්ලක් නොලබා ලකුණු 54ක් ප‍්‍රතිවාදීන් වෙනුවෙන් ලබා දුන්නේය.
 
 ජයග‍්‍රහණය වෙනුවෙන් පන්දු 120දී ලකුණු 220ක් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගය කරපින්නා ගනිමින් පිළිතුරු ඉනිම ආරම්භ කළ දිල්ලි කැපිටල් ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 1දී අහිමිවී ගියේය. දිල්ලි ඉනිම වනසා දැමූ රශීඞ් කාන් පන්දු වාර 4දී ලකුණු 7ක් පමණක් ලබා දෙමින් කඩුලූ 3ක් බිඳ දැමීමට සමත් විය. සන්දීප් ෂර්මා සහ ටී. නට්රාජ් දිල්ලි ඉනිමේ කඩුලූ 2ක බැගින් බිඳ දැමීමට සමත් විය.
 
 දිල්ලි කැපිටල් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිශ්බා පන්ට් පන්දු 35කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 36ක් වාර්තා කළේය. එ් හැරුණුකොට පිළිවෙලින් අජින්කෙයා රහනේ 26, තුෂාර් දේශ්පාණ්ඬේ (නොදැවී* 20ක් සහ ෂිම්රොන් හිට්මයර් ලකුණු 16ක් වාර්තා කිරීමට සමත් විය.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles