Divaina - ශ‍්‍රී ලංකා පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරයත් කොට උඩ - අවදානමක් තිබුණොත් කණ්ඩායම යවන්නේ නැහැ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 2

- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා කියයි

අසේල විතාන

එළැඹෙන දෙසැම්බර් මසදී ටෙස්ට් තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත වුවද ගෝලීය වසංගතයක් වන කොවිඞ් 19 හේතුවෙන් එම සංචාරයට සහභාගි වීම සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙතෙක් ස්ථිර පිළිතුරක් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය වෙත ලබාදී නොමැත.

ලෝක ටෙස්ට් ශූරතාවට අදාළ තරග දෙකකින් සමන්විත ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 26 බොක්සිං දිනයේදී සෙන්චූරියන්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්සබර්ග් හිදී ආරම්භ වීමට දින වෙන්කර තිබේ.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය එම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන බවට ස්ථිර කර තිබුණද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එරට කොරෝනාා ව්‍යාප්තිය සලකා බලා තරගාවලියට සහභාගි වනවාද නැද්ද යන්න තීරණය කර බවයි.

‘‘අපි තවම දකුණු අප‍්‍රිකාවේ සංචාරය කරනවාද කියලා තීරණය කරලා නැහැ. මොකද මේ වෛරසය ඒ රටේ ව්‍යාප්ත වන අයුරු සලකා බලා තමයි කණ්ඩායම යවන්න වෙන්නෙ. ක‍්‍රීඩකයන්ගේ ආරක්ෂාව තමයි පළමුව හිතන්න ඕන. ඒ නිසා තවම අපිට තරගාවලියට සහභාගි වනවාද නැද්ද කියලා ස්ථිර වචනයක් දෙන්න විදිහක් නැහැ. ’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

ගෝලීය වසංගතය හමුවේ දකුණු අප‍්‍රිකානු වැසියන් ලක්ෂ අටකට ආසන්න ප‍්‍රමාණයකට (717,759) කොවිඞ් 19 ආසාදනය වී ඇත. එහිදී විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඊයේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 646,721 ක් වශයෙන් දැක්වේ. මෙම දත්ත සලකා බැලීමේදී විදෙස් රටවල් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කිරීමට සම්බන්ධව ඇත්තේ වැට උඩ තීරණයකි.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ කෙසේ හෝ තරගාවලිය පැවැත්වීමට උත්සහ කරමින් සිටියි. ඔවුන් ඉකුත් මාස නවයකට ආසන්න කාලයේදී සිය රටේදී කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් පවත්වා නොමැති අතර ලබන නොවැම්බර් මසදී එංගලන්තය සහ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එංගලන්ත සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකක් ඔස්ටේ‍්‍රලියාව සමග ටෙස්ට් තරග තුනක් සහ පාකිස්තානය සමග ටෙස්ට් තරග තුනක් පැවැත්වීම මේ වන විට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය ස්ථිර කර තිබේ. එහිදී එංගලන්ත කණ්ඩායම පමණක් මේ වන විට දකුණු අප‍්‍රිකාවේ යෑමට එකඟත්වය පළකර ඇතැයි විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles