Divaina - කිංග්ස් XI පන්ජාබ් පෙරට එයි...

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 1කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලූ 8කින් ජය ගැනීමට සමත් වූ කිංග්ස් XI පන්ජාබ් කී‍්‍රඩකයෝ ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ සිව්වැනි
 
 ස්ථානය දක්වා ඉහළ නැගීමට සමත් විය. එ් අනුව මෙවර තරගාවලියේ අදාළ තරගය ජය ගැනීමත් සමග සහභාගී වු අවසන් තරග 5ද ජය ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත්ව සිටී.
 
 තරගයේ පළමුවෙන් පිතිකරණයේ යෙදුනු කොල්කටා නයිට් රයිඩර්ස් කී‍්‍රඩකයෝ පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 149ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා යෑමට පැමිණි පන්ජාබ් කණ්ඩායම අදාළ ඉලක්කය පන්දුවාර 18. 5කදී කඩුලූ 2ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය.
 
 කිංගස් XI පන්ජාබ් ඉනිම ඇරැුඹූ කේ. එල්. රාහුල් සහ මන්ඞීප් සිං පළමු කඩුල්ලට ලකුණු 47ක් එක් කළේය. ලකුණු 28ක් ලබා සිටි රාහුල් දැවී යෑමෙන් පසු පිටියට එක් වූ කි‍්‍රස් ගේල් සහ මන්ඞීප් සිං පන්ජාබ් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සම්බන්ධතාවක් එක් කළේය. කි‍්‍රස් ගේල් පන්දු 29කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමගින් අර්ධ ශතකයක් (51) රැුස් කිරීමට සමත් වූ අතර මන්ඞීප් සිං පන්දු 56කින් ලකුණු 66ක් වාර්තා කළේය. එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් අන්තර්ගත විය.
 
 කොල්කටා ඉනිමේ පළමු කඩුලූ 3 මුළු ලකුණු 10දී දැවී ගියේය. අනතුරුව පිටියට එක් වූ ඔයින් මෝගන් සහ සුබ්මන් ග‍්‍රිල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කළේය. සුබ්මන් ගි‍්‍රල් පන්දු 45කදී ලකුණු 57ක් හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලබා ගැනීමට සමත් විය. ඔයින් මෝගන් පන්දු 25කදී ලකුණු 40ක් ලබා සිටියේදී පිටියෙන් ඉවත් විය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles