Divaina - පේ‍්‍රක්ෂකයන්ට දොර ඇරෙන බොක්සිං දින ටෙස්ට් තරගය....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 4 ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර දෙසැම්බර් 26 වැනිදා පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීම සඳහා පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව ලබාදෙන බවට වික්ටෝරියා ප‍්‍රාන්ත ප‍්‍රධානියා විසින් පවසා තිබේ. ඒ අනුව කොරෝනා වසංගතය හමුවේ පේ‍්‍රක්ෂකයන්ට විවෘත වන පළමු තරගය වශයෙන්ද මෙය හැඳින්විය හැකිය.
 
 ගෝලීය වසංගතය හමුවේ පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව ජාත්‍යන්තර ක‍්‍රීඩාවන් පැවැත්වීමට ලොව සියලූම රටවල් තීරණය කරන ලදී. ඒ අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවද පසුගිය කාලයේ පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පැවැති අතර බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීමට පේ‍්‍රක්ෂකයන්ගෙන් ඇති ඉල්ලූම සලකා බලා වික්ටෝරියා ප‍්‍රාන්ත බලධාරීන් ඒ සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ.
 
 වික්ටෝරියා ප‍්‍රාන්තයේ කොවිඞ් 19 රෝගීන් පහළ වැටීමද එම තීරණය ගැනීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත. ‘‘කොතරම් විශාල පේ‍්‍රක්ෂකයන් සංඛ්‍යාවක් එයිද කියලා මම දන්නෙ නැහැ. නමුත් සමූහයක් ඉන්නවා. නමුත් ඒ සියලූ දෙනාට සෞඛ්‍ය ආරක්ෂිතව සහ අවවාදාත්මකව තරගය නරඹන්න දෙන්න තමයි අප කටයුතු කරන්නේ.’’ යනුවෙන් වික්ටෝරියා අග‍්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘ පවසයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles