Divaina - අයි.පී.එල්.... රාහුල් සහ ධවාන් පෙරමුණ ගැනීමේ සටනක... රබාඩා කඩුලූ දඩයමක.. දිල්ලිය උඩ යයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

iplindia444

පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන ලොකේෂ් රාහුල් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කරන ෂිකර් ධවාන් අයි.පී.එල්. තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමේ සටනක නිරතව සිටියි. නමුත් රාහුල් ධවාන්ට වඩා ලකුණු 75 ක් ඉදිරියෙන් පසුවේ.
 
 රාහුල් තරග දහයකදී ශතකයක් සහ අර්ධ ශත පහක් සමග මුළු ලකුණු 540 ක් ලබා ඇති අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 67.50 කි. ෂිකර් ධවාන් ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමග මුළු ලකුණු 465 ක් ලබා ඇති අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 66.42 කි.
 
රබාඩා කඩුලූ දඩයමක
 
 දිල්ලි කැපිටල් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා වන කාගිෂෝ රබාඩා මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 14.33 ක් වශයේ සටහන් කරගෙන ඇත.
 
 රබාඩා තරග දහයකදී කඩුලූ 21 ක් ලබා ඇති අතර අතර ඔහුට පිටුපසින් දෙවැනි තැන සිටින කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ මොහොමඞ් සාමි තරග දහයකදී කඩුලූ 16 ක් දවාගෙන තිබේ. තෙවැනි තැන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප‍්‍රිට් බුම්රා පත්ව ඇති අතර ඔහු තරග නවයකදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ.
 
 විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ඉසුරු උදාන තරග අටකදී කඩුලූ හතක් දවාගෙන ඇති අතර ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 34.00 ක් වශයෙන් සටහන් වේ.
 
 දිල්ලිය උඩ යයි
 
 අයි.පී.එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල් කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් තරග දහයකදී ජයග‍්‍රහණ හතක් සමග ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පෙරමුණේ පසුවෙද්දී දෙවැනි තැන සිටින රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමද ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා තිබුණත් දළ ලකුණු වේගය අනුව පහළින් පසුවේ.
 
 කෙසේ වෙතත් තවමත් තරග නවයකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා ඇති මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ. මුම්බායි කණ්ඩායම ජයග‍්‍රහණ හයක් සහ පරාජයන් තුනක් ලබා ඇත.
 
 මෙවර අයි.පී.එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණඩායම පත්ව ඇති අතර ඔවුන් තරග දහයකදී ජය ලබා ඇත්තේ තුනක් පමණි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles