Divaina - විශේෂ මලල ක‍්‍රීඩා තරගාවලිය කල් යයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

malaalasජාතික මලල ක‍්‍රීඩා සංගමය විසින් නම් කර ඇති සුපිරි සහ ජාතික සංචිතවල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ වත්මන් දක්ෂතාව මැන බැලීම වෙනුවෙන් අද (24 දා* සහ හෙට (25 දා* කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබු විශේෂ තරගාවලිය කල් දමා තිබේ.
 
 රට තුළ උද්ගතවී ඇති කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සහ කොළඹ ප‍්‍රදේශ කිහිපයක් වසා දැමීම හේතුකොට ගෙන මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමු බව ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය නිවේදනය කර සිටියි. ඒ අනූව සංචිතගතව සිටින ක‍්‍රීඩකයන්ට තව දුරටත් පුහුණුව පමණක් සීමා වී තිබේ.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් මාස 11 කට ආසන්න කාලයක් තුළදී ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ සහ සුපිරි සංචිතයේ සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට පුහුණුකරුවන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉල්ලා තිබුණි.
 
 ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය විසින් දැනට ක‍්‍රියාත්මක කරනු ලබන සුපිරි සහ ජාතික සංචිතවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 86 දෙනකු පුහුණුව ලබන අතර එහිදී සුපිරි සංචිතය 26 දෙනකුගෙන්
 
 සමන්විත වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles