Divaina - විමර්ශනයක් නැතිව දිග්ගැස්සෙන අයි.සී.සී. තහනම සම්බන්ධයෙන් - අවිශ්කගෙන් ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 1- සංගක්කාරලාගේ සිද්ධිය වගේ පරීක්ෂණයක් පවත්වන්න

- නීතිඥ ක‍්‍රිස්මාල්  වර්ණසූරිය කියයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් යම් කිසි පුද්ගලයකුගේ කතාවක් පදනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතිය අනුව පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා හිටපු ශ‍්‍රී ලංකා ‘ඒ’ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන විසින් ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට අද (22 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.

2017 වසරේ ඩුබායි හී පැවැති ටී 10 තරගාවලියකදී යම්කිසි දුරකතන සංවාදයක් සිදුවන ස්ථානයක අවිශ්ක ගුණවර්ධන රැු`දී සිටි බවට රමිත රඹුක්වැල්ල විසින් අයි. සී. සී. දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලදී. එම පැමිණිල්ල පදනම් කරමින් දැනට මාස 18 කට ආසන්න කාලයක් පුරා අයි. සී. සී. ය විසින් අවිශ්ක ගුණවර්ධනට තහනමක් පැන වූවද තවමත් ඒ සම්බන්ධව විමර්ශනයක් නොකිරීමෙන් සිදුව ඇති අසාධාරණයට පරීක්ෂණයක් පවත්වන ලෙසට අවිශ්ක ගුණවර්ධන සිය නීතිඥ ක‍්‍රිස්මාල් වර්ණසූරිය මහතා මාර්ගයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාටද මීට පෙර පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතිය අනුව ගත හැකි ක‍්‍රියාමාර්ග සොයා බැලීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කළද එම ත‍්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව නීතිපති උපදෙස් ලබා ගැනීමට යවා ඇතැයි සඳහන් වේ. දිගින් දිගටම පරීක්ෂණයක් නොමැතිව තහනමකට ගොදුරුවී සිටීමෙන් සිය වෘත්තියට පැමිණ ඇති බාධාව සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදුකරමින් සත්‍ය හෙළි කරන ලෙසට ඉල්ලා අවිශ්ක ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ක‍්‍රිස්මාල් වර්ණසූරිය මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතිය අනුව කටයුතු කරමින් සිටියි.

‘‘අපි ක‍්‍රීඩා ඇමැතිවරයාට සහ ජනාධිපතිවරයාට මේ සිදුවී ඇති සිදුවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා තියෙනවා. නමුත් තවම කිසිම පරීක්ෂණයක් සිදුවෙලා නැහැ. ත‍්‍රිපුද්ගල කමිටුවක් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් මේ සිද්ධියට පත් කළා. නමුත් දැන් අයි. සී. සී. ය විසින් එවා ඇති කරුණු පදනම්ව පරීක්ෂණයක් සිදුකරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් දමා ඇති තහනම සම්බන්ධව ශ‍්‍රී ලංකා කී‍්‍රඩා නීතිය අනුව කළ හැකි පරීක්ෂණ සිදුකරන ලෙසට ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරන්න හැකියාවක් තියෙනවා ක‍්‍රීඩා නීතිය අනුව. අපි කියන්නෙ කුමාර් සංගක්කාරලාට එල්ල වූ චෝදනාව සම්බන්ධව කළ පරීක්ෂණය වගේ මේ සම්බන්ධවත් පරීක්ෂණයක් සිදුකරන්න කියලා. ’’ යනුවෙන් නීතිඥ ක‍්‍රිස්මාල් වර්ණසූරිය මහතා ‘දිවයින’ කළ විමසීමකදී පවසා සිටියේය.

අයි. සී. සී. ය සතුව ඇති සාක්කි සම්බන්ධව මේ වන විට අවිශ්ක ගුණවර්ධනට එවා ඇති අතර එය නීතිඥ ක‍්‍රිස්මාල් මහතා විසින් විමර්ශනය කිරීමෙන් පසුව අදාළ පැමිණිල්ල යොමු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අයි. සී. සී. ය ලබන 29 වැනිදාට පෙර අවිශ්ක ගුණවර්ධනට ඇති චෝදනාවට එරෙහිව ඇති නිර්දෝෂීභාවයට සාක්කි එවන ලෙසටද දන්වා තිබේ. මීට පෙර ඉකුත් 15 වැනිදාට පෙර එම ලිපි ලේඛන අයි. සී. සී. ය විසින් ඉල්ලා තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් 29 වැනිදා දක්වා කල් ලබාදී තිබේ.

2017 වසරේ සාජා හී පැවැති පෞද්ගලික ටී 10 ක‍්‍රිකට් තරගාවලියකට අවිශ්ක ගුණවර්ධනගේ

පුහුණුකාරීත්වය යටතේ ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි විය. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම වකවානුවේ ශූරතාව දිනූ කොළඹ කණ්ඩායම එම තරගාවලියට සහභාගි

වූ බවයි. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ කිසිදු මැදිහත් වීමක් නොමැති තරගාවලියකදී සිදුවූ යම් සිදුවීමක් අල්ලාගෙන ඔප්පු කළ හැකි සාක්කියක් නොමැතිව දක්ෂ පුහුණුකරුවකු වශයෙන් ඉදිරියට පැමිණි අවිශ්ක ගුණවර්ධනට තහනමක් පනවා දැනට මාස 18 ක් ගෙවී ගොස් තිබේ. අදාළ සංචාරය පදනම් කරමින් අවිශ්ක සමග නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ පරිගණක දත්ත විශ්ලේශක සනත් ජයසුන්දරට තහනමක් පනවා තිබේ.

ඉකුත් වසරේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ලබාදුන් දින 15 ක පොදු සමා කාලයේදී අවිශ්ක ගුණවර්ධන සම්බන්ධව රමිත රඹුක්වැල්ල විසින් පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගෙන්ද අයි. සී. සී. ය ප‍්‍රශ්න කර තිබුණද ඔහු ඒ සම්බන්ධව කිසිවක් නොදන්නා බව පවසා තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ලබාදී ඇති පොදු සමා කාලය 2019 ජනවාරි 16 වැනිදා සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කෙරුණි. එහිදී ඔවුන් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට අපොහොසත් වූ අය වෙතොත් එම කාලයේදී දන්වන ලෙසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසන පරිදි අදාළ තරගාවලියට ගිය කණ්ඩායමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට මැදිහත් වීමක් නොමැති නම් අයි. සී. සී. යට අවිශ්කලාව තහනම් කිරීමටද නොහැකිය. නමුත් අයි. සී. සී. ය විසින් එමිරේට්ස් ක‍්‍රිකට් ආයතනයේ වගන්තියක් අල්ලා ගනිමින් අවිශ්කලාව තහනම් කිරීම මේ වන විට දැඩි අසාධාරණයක් බව ඒ සම්බන්ධව තතු දත් උදවිය පවසයි.

අසේල විතාන
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles