Divaina - බංග්ලාදේශ යොවුන් සංචිතයම කොරෝනා නිසා හුදෙකලා කරයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 3ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණු සැසියකට සහභාගී වූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ මතුවීමෙන් ඔවුන්ව හුදෙකලා කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
 
 අදාළ පුහුණු කඳවුරට සහභාගිවූ ක‍්‍රීඩකයන් තිදෙනකුට මේ වන විටත් කොරෝනා රෝගය වැළදී ඇති බැවින් සංචිතයේ සියලූම ක‍්‍රීඩකයන්ව හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අදාළ රෝග ලක්ෂණ මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වමින් සිටියි.
 
 ‘‘අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව රෝග ලක්ෂණ ඇති පුද්ගලයා සමග සම්බන්ධ වූ සියලූ දෙනාවම හුදෙකලා කරනවා. රෝග ලක්ෂණ ඇති කිහිප දෙනා සමග වැඩ කළ කාර්ය මණ්ඩලය සහ ක‍්‍රීඩකයන්ව කාමරවලම හුදකලා කරලා තියෙනවා. අපගේ වෛද්‍ය කණ්ඩායම දැනට පැවසුවේ තිදෙනකුට රෝගය වැළඳී ඇති බවයි. යනුවෙන් බංග්ලාදේශ ක‍්‍රීඩා සංවර්ධන කළමනාකරු සඳහන් කර සිටියි.
 
 කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය බරපතළ වී ඇති බැවින් පුහුණු කඳවුරු නවතා දැමූ බවද බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ‘‘ආසියානු කුසලාන කල් දැමූ නිසා අපි කඳවුර පවත්වාගෙන යන්නේ නැහැ. අපේ මූලික සංචිතයේ 28 දෙනකු ඉකුත් ඔක්තෝම්බර් 1 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කළා. මේ වසරේදී යළිත් යොවුන් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කරන්නේ නැහැ’’
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles