Divaina - ධවාන් පිට පිටම දෙවැනි ශතකයත් ලබයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p14 4පළමු වතාවට අයි. පී. එල්. තරග ඉතිහාසයේ පිට පිටම ශතක දෙකක් වාර්තා කළ ක‍්‍රීඩකයා බවට පත්වීමට දිල්ලි කණ්ඩායමේ ෂිකර් ධවාන් සමත් විය. ඔහු කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තද තරගය කඩුලූ පහකින් පරාජයට පත්විය.
 
 ධවාන් මීට පෙර චෙන්නායි සමග පැවැති තරගයේදී පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ශතකයක් (101) ලබා ගත්තේය. පෙරේදා පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පන්දු 61 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 106 ක් වාර්තා කිරීමටද ධවාන් සමත් වූයේ එවැනි දක්ෂතාවක් කළ පළමු අයි. පී. එල්. ක‍්‍රීඩකයා බවට පත්වෙමිනි.
 
 දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ධවාන් ශතකයක් ලබාගත්තද සෙසු පිතිකරුවන් පස්දෙනකු එකතුව ලකුණු 54 ක් පමණක් ලබා ගැනීම හේතුවෙන් කිංග්ස් කණ්ඩායමට කඩුලූ පහක් සහ පන්දුවාරයක් ඉතිරිව තිබියදී තරගයේ ජය උදුරා ගැනීමට හැකිවිය.
 
 පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී ක‍්‍රිස් ගේල් පන්දු 13 කදී හයේ පහර දෙකක් සමග හතරේ පහර තුනක් සමග ලකුණු 29ක් ලබා ගත් අතර ඔහු ඉන් ලකුණු 25 ක්ම එක් පන්දුවාරයකදී වාර්තා කිරීමට සමත් විය.
 
 මැද පෙළින් පන්ජාබ් කණ්ඩායම ඔසවා තැබූ නිකොලොස් පූරන් පන්දු 28 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 53 ක්ද ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 24 කදී හතරේ පහර තුනක් සමග ලකුණු 32 ක්ද ලබා සිය කණ්ඩායම ජයග‍්‍රහණයට ඇදගෙන යෑමට දායක විය.
 
 දිල්ලි කණ්ඩායම තරග 10 කදී ලද තෙවැනි පරාජය මෙය වුවද ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා ඔවුන් තවමත් පළමු තැන රැු`දී සිටියි. අදාළ ජයත් සමග පන්ජාබ් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනට පත්විය.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles