Divaina - පෙරෙස් අර්ධ මැරතන් ලෝක වාර්තාව අලූතෙන් ලියයි...

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 2කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චර් විසින් පෝලන්තයේ ග්ඞීනියා හි පැවැති ලෝක මලල ක‍්‍රීඩා අර්ධ මැරතන් තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය. ඇය විසින් අර්ධ මැරතන් තරගය පැයයි මිනිත්තු පහයි තත්ත්පර 16 කදී අවසන් කරමින් එම වාර්තාව පිහිටුවන ලදී.
 
 මීට පෙර අදාළ ලෝක වාර්තාව ඇය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී පිහිටුවා තිබුණේ තරගය 1:05. 34 කින් නිම කරමිනි.
 
 27 හැවිරිදි පෙරෙස් විසින් රන් පදක්්කම දිනා ගනිද්දී එහි රිදී පදක්කම තරගය 1:05:18 කින් අවසන් කළ ජර්මනියේ මෙලාට් විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම ඉතියෝපියාවේ යාලම්සර්ෆ් යෙහුලාව් විසින් දිනා ගනු ලැබුවේ තරගය 1:05:19 කින් අවසන් කරමිනි.
 
 මෙම තරගාවලියේ පිරිමි රන් පදක්කම උගන්ඩාවේ ජේකබ් කිප්ලිමෝ විසින් දිනා ගත් අතර ඔහු තරග මිනිත්තු 58:49 කින් අවසන් කරන ලදී.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles