Divaina - සුපිරි පන්දුවාරයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් දිනයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p12 42020 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පෙරේදා (18 වැනිදා) පැවැති තරග දෙකෙන් ජය හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. එ් අනුව තරග දෙකේම ජයග‍්‍රහණය සුපිරි පන්දුවාරයකින් තීරණය වූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් හමුවේ පිළිවෙළින් සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් පාරජයට පත් විය.
 
 මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 6ක් දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් විය. එ් අනුව පන්ජාබ් කණ්ඩායමද පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 6කට ලකුණු 176ක් ලබා ගැනීමට සමත් වීම මත තරගයේ ජයග‍්‍රාහකයා තේරීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
 
 එහිදී සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 5ක් වාර්තා කිරීමට සමත් වූ අතර ජයග‍්‍රහණය සඳහා මුම්බායි කණ්ඩායමට පන්දු 6කදී ලකුණු 6ක අභියෝගයක් හිමිවිය. ජයග‍්‍රාහී ලකුණු හඹා යෑමට පැමිණි මුම්බායි කණ්ඩායම ලකුණු 5කට සීමා කිරීමට පන්ජාබ් පන්දු යවන්නා මොහොමඞ් ෂමී සමත් විය. එ් අනුව සුපිරි පන්දුවාරයේදීද ලකුණු සමවීම මත තවත් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය වූ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 12ක අභියෝගයක් පන්ජාබ් කණ්ඩායමට ලබා දුන්නේය.
 
 පන්දු 06ක් තුළ ලකුණු 12ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට පිටියට පිවිසි කි‍්‍රස් ගේල් සහ මයාන්ක් අග‍්‍රාවල් පන්දු 4ක් තුළදී අදාළ ඉලක්කය පසුකර ගියේය.
 
 මේ අතර කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් විය. සන්රයිස්ස හයිද්‍රාබාද් කණ්ඩායමද පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු ලකුණු 163ක් වාර්තා කිරීමට සමත් විය. එ් අනුව ජයග‍්‍රාහකයා තේරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක වූ සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 2ක් පමණක් ලබා ගත්තේය. එ් අනුව පහසු ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3ක් ලබා ගැනීමට සමත් විය.

p12 1
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles