Divaina - එල්.පී.එල් විස්සයි විස්සට ක‍්‍රීඩකයන් තෝරන්න අලූත් ක‍්‍රමයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 අසේල විතාන
 
 lal135ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඩුබායි හී අයි. පී. ජී. ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් එල්. පී. එල්. විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට තරග වදින කණ්ඩායම් පහ සඳහා ක‍්‍රීඩකයන් තෝරා ගැනීම වෙන්දේසියකින් තොරව සිදුකිරීමට නියමිතව තිබේ.
 
 අයි. පී. එල්. තරගාවලියට සහභාගී වන ක‍්‍රීඩකයන්ව කණ්ඩායම් හිමිකරුවන් ඉදිරියේ වෙන්දේසියකදී මිලදී ගැනීම් සිදු වුවත් එල්. පී. එල්. තරගාවලියේදී එය වෙනස් ආකාරයට තෝරනු ලබයි. එහිදී කණ්ඩායම් හිමිකරුවන්ට අදාළ කී‍්‍රඩකයන්ව කුසපත් ඇදීමේ ක‍්‍රමයකට හෙවත් ඡුක්හැර ෘර්ඓ ආකාරයට සිදුකිරීමට නියමිතය.
 
 ක‍්‍රීඩකයන්ගේ වටිනාකම ඔවුන්ගේ දක්ෂතා අනූව කාණ්ඩ ගත කර තිබේ. එහිදී මිල අධිකම ක‍්‍රීඩකයන් දෙදෙනකු, ඊට වඩා මිල අඩු ක‍්‍රීඩකයන්, ඊටත් වඩා මිල අඩු ක‍්‍රීඩකයන් දෙන්නා බැගින් සංයුති සකස් කරනු ලබයි. ඒ අනූව කුසපත් ඇදීමේ ක‍්‍රමයකට කණ්ඩායම් හිමිකරුවන් පස් දෙනාට අංක පහක් හිමිවේ. ඒ අනූව පළමු අංකය හිමි කණ්ඩායම් හිමිකරුට පළමු අවස්ථාවත්, අංක පහ ලැබුණු කණ්ඩායම් හිමිකරුට දෙවැනි අවස්ථාවේ පළමු අවස්ථාවත් ක‍්‍රීඩකයන් ඉල්ලා සිටීමේ අවස්ථාව ලැබේ.
 
 ඒ ආකාරයෙන් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 15 දෙනකු බැගින් තෝරා ගැනීමට නියමිතව තිබේ. අදාළ ක‍්‍රීඩයාව තෝරා ගැනීම සඳහා කණ්ඩායම් අයිතිකරුවන්ට මිනිත්තු දෙකක කාලයක් ලැබෙන අතර අනතුරුව එම අවස්ථාව වෙනත් හිමිකරුවකුට ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. තරගාවලියට සහභාගී වන සියලූම ක‍්‍රීඩකයන් නිරෝධායන ප්‍රොටකෝලයකට යටත්ව දින 14 ක නිරෝධායනයකින් පසුව තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබේ.
 
 කෙසේ වෙතත් රටේ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය අනුව තරගාවලිය ලබන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට ඇති හැකියාව තවමත් ස්ථිර වශයෙන් ප‍්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් තිබේ. කොරෝනා වසංගතයේ පාලනය අනුව එය ඉදිරි සති කිහිපයේදී තීරණය කිරීමට නියමිතය.
 
 එල්. පී. එල්. තරගාවලියට උපරිම විදෙස් ක‍්‍රීඩකයන් තිදෙනෙක් සහභාගි විය හැකි අතර එහිදී කණ්ඩායමකට හය දෙනා බැගින් ඇතුළත් කළ හැකියි. එහෙත් තරගයකට ක‍්‍රීඩා කළ හැක්කේ ක‍්‍රීඩකයන් සිව්දෙනකුට පමණි. කොරෝනා වසංගතය හමුවේ කණ්ඩායමකට විදෙස් ක‍්‍රීඩකයන් සිව්දෙනකු ඇතුළත් වීමේ අවස්ථාවද නිර්මාණය වීමේ වැඩි අවස්ථාවක් තිබේ. ඒ අනුව ලබන 19 වැනිදා තරගාවලියට සංචිත නම් කිරීමේදී ඒ සම්බන්ධව පැහැදිලි කළ හැකිය.
 
 තරගාවලියට සහභාගී වන ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව ඉහළම දක්ෂතාව හිමි ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 60000 ක් හිමිවන අතර එය ඇමරිකානු ඩොලර් 10000 දක්වා දක්ෂතාව අනුව ගෙවීම් වෙනස් වේ. මේ වන විට විදෙස් ක‍්‍රීඩකයන් බොහොමයක් තරගාවලියට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ.
 
 අවසන් මහා තරගය සමග සමස්ත තරග 23 කින් සමන්විත එල්. පී. එල්. තරගාවලියේ සියලූම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. එහි සමාරම්භක තරගය සහ උත්සවයද සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
 
 එල්. පී. එල්. තරගාවලිය සංවිධානය කිරීමේ අයිතිය හිමිව ඇති අයි. පී. ජී. ආයතනයේ ප‍්‍රධාන විධායක අනිල් මොහාන් මහතා පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘පන්දුවාර 20 ක‍්‍රිකට් උන්මාදය යළිත් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට එල්. පී. එල්. තරගාවලිය යටතේ අපිට හැකිවෙනවා. ’’ යනුවෙනි.
 
 තරගාවලියට සහභාගී වන කණ්ඩායම් පහ කොළඹ, දඹුල්ල, නුවර, ගාල්ල සහ යාපනය යනුවෙන් වෙන් කර ඇති අතර මේ වන විටත් ගාල්ල කණ්ඩායමට ලසිත් මාලිංග සහ සහිඞ් අෆ්රීඩිව මිලදී ගැනීමට එම අයිතිකරුවන් තීරණය කර තිබේ. 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles