Divaina - කිංගස් XI පන්ජාබ් පරාජිත ගමනට තිත තබයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

kings555
 
 
 
  2020 ඉන්දීය ප‍්‍රිමියර් ලිග් තරගාවලියේ සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට කිංගස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලූ 8කින් ජය ගනිමින් සිය පරාජයන වැලට තිත තබන්නට  කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් මීට පෙර සහභාගී වූ පළමු තරගය හැරුණුකොට අනෙක් සියලූම තරග පරාජයට පත් වී සිටියේය.
 
 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජ් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 171ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩයාම පන්දුවාර 20දී කඩුලූ 2ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
 
 පන්ජාබ් ඉනිම ආරම්භ කළ කේ.එල් රාහුල් සහ මායනක් අග‍්‍රාවල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සම්බන්ධතාවක් එක් කළේය. පන්දු 25කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වූ අග‍්‍රාවල් චාහල්ගේ පන්දුවක් හමුවේ දැවී යද්දී සිය 21 වැනි විස්සයි විස්ස අර්ධ ශතකයට ලකුණු 5ක් පිටුපසින් සිටියේය. කි‍්‍රස්ගේල් පන්දු 45කදී හයේ පහර 5ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 53ක් රැුස් කළේය. පන්ජාබ් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය කේ.එල්. රාහුල් පන්දු 49කදී නොදැවී ලකුණු 61 වාර්තා කිරීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 1ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.
 
 බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 48ක් වාර්තා කිරීමට නායක විර්ට් කෝලි සමත් විය. පන්දු 39ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් විය. පන්දු 8කින් ලකුණු 25ක් වාර්තා කිරීමට කි‍්‍රස් මොරිස් සමත් වෙද්දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් එල්ල කිරීමට ඔහු සමත් විය. 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles