Divaina - මැරතන් ශූර ඩැනියෙල්ට 2023 දක්වා තහනමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

maraton444
 
 කෙන්යාවේ මැරතන් ශූරයකු වන ඩැනියෙල් වන්ජිරුට තහනම් උත්තේජක චෝදනාව මත 2023 දක්වා මලල ක‍්‍රීඩා තහනම් කර තිබේ. ඔහු 2017 වසරේ ලන්ඩන් මැරතන් ශූරතාවද දිනාගත් ක‍්‍රීඩකයෙකි.
 
 ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ඔහුට තාවකාලික තහනමක් පනවනු ලැබීය. නමුත් ඔහුගේ මුත‍්‍රා සාම්පලවල තහනම් උත්තේජක ද්‍රව්‍යයක් අඩංගු බැවින් ඔහුට අදාළ තහනම ලැබී තිබේ. 2023 වසරේ දෙසැම්බර් මස 8 වැනිදා දක්වා මෙම තහනම 28 හැවිරිදි වියේ පසුවන ඩැනියෙල්ට පනවා තිබේ.
 
 ලොව ප‍්‍රසිද්ධ මැරතන් තරග කිහිපයක්ම ජයග‍්‍රහණය කර ඇති මොහු 2016 වසරේ පැවැති ඇම්ස්ටර්ඩෑම් මැරතන් තරගය, 2018 සහ 2019 ලන්ඩන් මැරතන් තරගවලදී පිළිවෙළින් අටවැනි සහ 11 වැනි ස්ථාන දිනාගෙන තිබේ. ඔහු 2017 වසරෙන් පසුව සිය දක්ෂතාව අඩු කරගෙන ඇති බවටද එම ස්ථානවලින් පැහැදිලි වේ. 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles