Divaina - මම දේශපාලනයට ගියේ කී‍්‍රඩාව වෙනුවෙන්... විසි වසරක ඔලිම්පික් මතකය සමගින් සුසන්තිකා ජයසිංහ කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

kusantika222ලැබූ ජයග‍්‍රහණයට හා සමාන සේවයක් මාතෘ භූමියට සහ අනාගත පරම්පරාවේ කී‍්‍රඩා අධ්‍යාපනයට ඉටු කිරීමට තමන් උත්සාහ කරන බවත් දේශපාලනය කළේ සිය පෞද්ගලික පරිහරණය වෙනුවෙන් කිසි දෙයක් ලබා ගැනීමට නොවන බවත් ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ කිය සිටී. ඔලිම්පික් පදක්කම දිනා වසර විස්සක් සපිරීම, ඔලිම්පික් පදක්කමේ සමරු ඵලකයක් ස`දහා මුල්ගල තැබීම හා පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ස`දහා නිල ලාංඡුන පැළ`දවීමක් පසුගියදා සුසන්තිකා ජයසිංහගේ සහභාගිත්වයෙන් වරකාපොළ ඇත්නාවල පර්ශද මූලස්ථ මහා විද්‍යාලයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් ඇය මේ පිළිබඳ කියා සිටියාය.
 
 වසර 2000දී සිඞ්නි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී මීටර් 200 කෙටිදුර ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සුසන්තිකා ජයසිංහ සමත් වූ අතර මේ දක්වා ශී‍්‍ර ලංකා ජාතිකයෙකු විසින් දිනා ගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙසින් එය ඉතිහාසගතවී තිබේ. එ් අනුව එම වාර්තාවට වසර 20ක් පිරීම වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ දෙවැනි වරට අධ්‍යාපනය ලැබූ ඇත්නාවල මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය, විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කර තිබූ අතර. ඇය දිනාගත් ඔලිම්පික් පදක්කමේ සමරු ඵලකයක් නිර්මාණය කිරීම ස`දහා පාසලේ පිවිසුම් දොරටුව අසල මුල්ගල තැබීමෙන් අනතුරුව පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡුන පැළ`දවීම සිදු කෙරිණ.
 
 එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මෙසේ කියා සිටියාය. ‘මම ක‍්‍රීඩාවේ යන්න තියෙන උපරිම තැනට ගියා. සම්බන්ධතා ඇති කර ගත්තා. ක‍්‍රීඩාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියල බැලූවා. නමුත් මම දන්න දේශපාලනයකුත් නැහැ මම කරපු දේශපාලනයකුත් නැහැ. ඒත් මම දේශපාලනයට සම්බන්ධ වුණා. ජනාධිපති, අගමැති ඇතුළුව තවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් විතරයි මම දැනගෙන හිටියෙ. දේශපාලනයේ වගන්තියක්වත්, ඉතිහාස දේවල් ගැනවත් මට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මම දැකපු දේශපාලනය තමයි ඒ. මට අවශ්‍ය වුණා මම ලබපු ජයග‍්‍රහණ හරහා ඒ ඇති කර ගත්තු සම්බන්ධතා එක්ක මගේ ගමට ප‍්‍රදේශයට වගේම රටට සේවයක් කරන්න.
 
 2010 වර්ෂයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් මම ආවා මහමැතිවරණයට, නමුත් මම හිතනවා ඒක මගේ අවාසනාවක් නෙවෙයි මේ දිස්ත‍්‍රික්කයේ ඉන්න මගේ පැලැන්තියේ උදවියගේ අවාසනාව කියලා. මම ආවා එක මොන යම් හේතුවකින් හෝ අවාසනාවකට ගියා. නැතිනම් ඔලිම්පික් ජයග‍්‍රහණය හරහා ලැබෙන වරප‍්‍රසාද ඒ හරහා විශාල සේවයක් මේ ප‍්‍රදේශයට කරන්න තිබුණා. හිටපු ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු අමාත්‍යවරුන්ට කිව්ව සැණින් දෙයක් කරන්න, ඉල්ලගන්න, ලබා ගන්න පුදුමාකාර සම්බන්ධයක් මට තිබුණේ.
 
 නමුත් ඊට වග කියන්න ඕනේ අපේ දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරියේ අය. ඒ අයගෙන් මට අවශ්‍ය සහය ලැබුණේ නැහැ. මට දෙමව්පියෝ, නෑදෑයෝ සහෝදරයෝ ශක්තියක් වුණා. දේශපාලනය කියන්නේ ඒකයි. ක‍්‍රීඩාවෙන් මට දිනන්න පුළුවන් දේශපාලනයෙන් එහෙම දිනන්න බැහැ කියන එක මම තේරුම් ගත්තා. ඒ නිසා කරන්න තිබුණු බොහෝ දේවල් ගිලිහිලා අහිමිවෙලා ගියා. කෙ`දිරිගාලා අ`ඩලා වැළපිලා ගොඩක් දේවල් මට ඉල්ල ගන්න තිබුණා. ඒ පෞද්ගලිකව මට වි‘`දින්න නෙවෙයි. මේ අනාගත පරම්පරාවට ක‍්‍රීඩාවට අධ්‍යාපනයට ගොඩක් දේවල් කරන්න තිබුණා. නමුත් මම එතැනින් නතර වුණේ නැහැ. අදටත් උත්සහ කරනවා. කළුගල්වල ඔළුව හප්ප ගන්නවා. කිසි දවසක බොරුවක් කියන්නේ නැහැ. පෞද්ගලිකව පරිහරණය කරන්න දෙයක් ඉල්ලන්නේ නැහැ. මං ආසයි ලබපු ජයග‍්‍රහණයට හා සමාන සේවයක් මගේ මාතෘ භූමියට කරන්න’
 
 මෙම අවස්ථාව ස`දහා දේශපාලන අධිකාරියේ මෙන්ම පෞද්ගලික ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු සහ අවට පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙකුද එක්වී සිටියහ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles