Divaina - සුපිරි පන්දුවාරයෙන් RCB දිනයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

virat2222020 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය පෙරේදා (28 වැනිදා* ඩුබායිහිදී පැවැත්විණි. එ් අනුව තරගයේ කි‍්‍රයාත්මක වූ සුපිරි පන්දුවාරයේදී ජය හිමිකර ගැනීමට විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
 
 තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දු රැුකීමට තීරණය කළේය. එ් අනුව පළමු පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කී‍්‍රඩකයෝ නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 201ක් වාර්තා කිරීමට සමත් විය. එ් අනුව ජයග‍්‍රාහීී ඉලක්කය හඹා ගිය මුම්බායි ඉනිම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 201කට සීමාවීම මත සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට විනිසුරුවන් තීරණය කළේය. එ් අනුව සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 8ක ඉලක්කයක් බැංගලෝර් කණ්ඩායමට ලබා දුන් අතර අදාළ ඉලක්කය පන්දු 5ක් තුළදී ජය ගැනීමට බැංගලෝර් කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
 දේව්දත් පඩික්කාල් සහ එ්රන් ෆින්ච් බැංගලෝර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් සිය ඉනිමට එක් කළේය. දේව්දත් පඩික්කාල් පන්දු 40කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 54ක් සහ එ්රන් ෆින්ච් පන්දු 35කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 52ක් ලබා ගත්තේය. බැංගලෝර් ඉනිම 200 සීමාවට ගෙන ආ එ්.බි. ඩිවිලියර්ස් පන්දු 24ක් තුළ හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 55ක් රැුස් කළේය.
 
 මුම්බායි ඉනිම වර්ණවත් කළ ඉෂාන් කිෂාන් පන්දු 58කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 99ක් ලබා සිටියදී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. කිරන් පොලාඞ් පන්දු 24කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 60ක් ලබා නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය.
 
 ලකුණු සටහන
 
 රෝයල් චැලේන්ජ් බැංගලෝර් පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 201 (දේවිදත් පඩික්කාල් 54, එ්රන් ෆින්ච් 52, එ්බී ඩිවිලියර්ස් (නොදැවී* 55, ටෙ‍්‍රනට් බෝල්ට් 2/34*
 
 මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලූ 5ක්දැවී ලකුණු 201 (ඉෂාන් කිෂාන් 99, කිරන් පොලාඞ් 60, ඉසුරු උදාන 2/45*

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles